Cricket NewsEXCLUSIVE

“ඇත්තටම ලේසි ගමනක් නෙමෙයි..සෑහෙන අමාරුවෙන් තමා මම මේ ක්‍රිකට් ගමන ආවේ” – තරඟාවලියේ වීරයා ප්‍රභාත් ජයසුරිය සිය අතීතය හෙළි කරයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද පැවති දෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 246ක ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 1-1ක් ලෙස තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත්වුනා.

මෙම තරඟාවලිය පුරා සුපිරි දස්කම් දක්වමින් කඩුලු දවා ගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය තරඟාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුවා.

අද තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වූ ප්‍රභාත් ජයසුරිය සිය අසීරු නමුත් සාර්ථක ක්‍රිකට් ගමන ගැන මෙලෙසින් අදහස් දක්වා සිටියා.

“ඇත්තටම ලේසි ගමනක් නෙවෙයි..මොකද කොළඹට ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩා කරද්දි මට එච්චර ලේසි වුණේ නෑ..මොකද පවුලේ කව්රුත් නෑ.. කොළඹට ආවාට පස්සේ මට තනියෙන් තමයි හැමදෙයක්ම කරගන්න වුණේ..ලේසි ගමණක් නෙවෙයි එතකොට මට සෑහෙන්න පිරිසක් උදව් කරා..

මුලින් මතක් කරන්න ඕනේ ලුම්බිණියට මාව ගත්තේ දිනේෂ් වීරසිංහ Coach එයා මාව හුගක් Back කරා u19 ගහන කාළේ ඉදලා.. ඊට පස්සේ මම පොළිස් ක්‍රීඩා සමාජෙට ක්‍රීඩා කරා කෝල්ස් එකෙන් පස්සේ ssc තමා දැන් මම ක්‍රීඩා කරන club එක…

මුදල් ප්‍රශ්නත් තිබුණා නැතුව නෙවෙයි ඒ හැමදෙයක්ම බැලන්ස් කරගෙන මම මේ ගමන ආවේ.. මට මොන ප්‍රශ්න තිබුණත් ගෙදරට කියන්න ගියේ නෑ.. මම තනියම දරාගෙන ක්‍රීඩා කරා. ඇත්තෙන්ම ලේසියෙන් ආවේ නැහැ, සෑහෙන අමාරුවෙන් තමා මෙතෙන්ට ආවේ.

මට අවස්ථාව තිබුණා රටින් එලියට ගිහිල්ලා ක්‍රීඩා කරන්න. නමුත් මගේ ආසාව තිබුණේ කවදහරි රට වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්න. ඒකට මම හැමතිස්සෙම මගේ 100% දිලා ක්‍රීඩා කරා. මම හිතන්නේ ඒක තමා මගේ සාර්ථකත්වයට හේතුව.”

ප්‍රභාත් ජයසුරිය සහභාගි වූ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7