EXCLUSIVETrending Article

“මේක නෙමෙයි උබලගේ ගමනෙ අවසානය මේකතමා දිග ගමනක ආරම්භය” – යොවුන් සිංහ කණ්ඩායම ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

උබල කොහොමටවත් මෙතනින් ගෙදර යන්න ඕනේ ටීම් එකක් නෙවෙයි බන්,
උන්ගේ ගැහුවේ 19න් නෙවෙයි 25න් පහල ටීම් එකක් වෙන්න ඇති.

ඒත් සිංහයෝ එක්ක හැප්පෙන එක සෙල්ලමක්ද බන්
සිංහයෝ කියන්නේ සිංහයෝ!

භය නැතුව කියන්න පුලුවන් උබලා මේ පාර කප් එක උස්සන්න තරම්ම ටැලන්ටඩ්

හැබැයි ඉතින් අවාසනාව කියන දේ අපේ ක්‍රිකට් එක්කම ලොකුවට බැදිලා තිබ්බා ඉස්සර ඉදලම…

මොනවා කරන්නද බන් අපිටත් සෑහෙන්න දුකයි මැච් එක ඉවර වුන විදිහට මාරම අප්සට්

ඇයි බන් ඔහොම රනවුට් උනේ කියන එක එලි වෙනකල් අපි අපෙන්ම කී පාරක් අහගන්න ඇතිද ?

හැබැයි මේක නෙවෙයි උබලගේ ගමනේ අවසානය මේකතමා දිගගමනක ආරම්භය

ලකුණු 40 ගාණකට විකට් 7ක් ගිහින් තියෙද්දිත් අපි මැච් එක බැලුවා මොකද
“මැච් එක ඉවර නෑ වෙල්ලා තාම විකට් එකේ…”

බලපන් ඒ පොඩි එකා

බලපන් ඌ තමන්ගේ උපරිමේ කණ්ඩායමට දෙන හැටි ඇත්තටම උබලා ගැන ගොඩක් ආඩම්බරයි.

හැබැයි උබලා මෙතනින් නවතින්න සුදුසු නෑ
අන්න ඒකයි හිතට මේ තරම් දුක..

 

– Cricket of lanka matha තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button