Cricket NewsEXCLUSIVE

“හිරුව තහනම් කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ.” හිරුට පැනවූ ක්‍රිකට් වාරණයට එරෙහිව අර්ජුණ රණතුංග දැඩි ලෙස විරෝධය පල කරයි !

ඉකුත් දා හිරු ටීවී ආයතනයට වාරණයක් පනවමින් ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇතුළු වීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමත් සමඟින් දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් පැනනැගී තිබුණි.

හිරු මාධ්‍ය වෙත පැනවූ තහනමට තම විරෝධය පල කරමින් හිටපු ශ්‍රී ලංකා නායක වතමන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වරයා වන අර්ජුණ රණතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශම්මි සිල්වා මාධ්‍ය මර්ධනය කිරීමට කටයුතු කරන බවය.

“හිරුව තහනම් කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ. ශම්මි සිල්වා සහ අද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කරන අයට පුලුවන්ද මේ වගේ දේවල් කරන්න? ඉදිරියේදී අනෙක් මාධ්‍ය ආයතන වලටත් මේ ප්‍රශ්නයට මුහුණදෙන්න වේවි. නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කඩන්න යන්නෙපා. සියලුම මාධ්‍ය එකට එක්වෙන්න ඕන කාලය ඇවිත් තියෙන්නෙ..” යනුවෙන් රණතුංග ප්‍රකාශ කර සිටියෙය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7