Cricket NewsEXCLUSIVE

එක්දින ලෝක කුසලාන ආරම්භයට සති කිහිපයක් තිබියදී දසුන් ශානකව නායකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්.!

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සති කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයාව වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන බව විශ්වසනීය ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

කෙසේ නමුත් 2015 වසරෙන් පසුව ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හි අඳුරුතම කාලපරිච්ඡේදය අවසන් කළ, ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය විසින් බිහිකළ සාර්ථකම නායකයා වන දසුන් ශානක සිය තරුණ කණ්ඩායම සමගින් 2021 වසරේ පටන්ම ක්‍රිකට් පිටියේ පෙරළි කාර නායකයකු බට පත් වුනා.

2022 ආසියානු ක්‍රිකට් ශූරතාවය කරා යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දසුන් ශානක මීට දින කිහිපයකට පෙර අවසන් වූ 2023 ආසියානු කුසලාන තරගාවලියේ ද අවසාන මහා තරගය කරා ශ්‍රී ලංකාව රැගෙන ඒමට සමත් වුණා.

ඒ මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන ප්‍රභල පකිස්ථාන කණ්ඩායම පවා පරාජයට පත් කරමිනුයි.

කෙසේ නමුත් කාලයක් පුරාවට දසුන් ශානකගේ එක්දින පිතිකරණ දස්කම් පහත මට්ටමක තිබූ අතර ඒ සමගම ඉන්දියාව ඉදිරියේ ආසියානු කුසලාන අවසාන මහා තරගාවලියේදී ලැබූ දැවැන්ත පරාජයට හේතුවෙන් දසුන් ශානකගේ නායකත්වය ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් නායකයෙකු ලෙස විදෙස් විචාරකයින්ගේ පවා ඉතා ඉහළ ප්‍රශංසාවට ලක් වූ දසුන් ශානක ක්‍රිකට් ලෝක කුසලානයට දින කිහිපයක් අභියස දී ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන්මගට කෙතරම් දුරට බලපෑමක් ඇති කරාවිද යන්න ප්‍රශ්නාර්තයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
4
+1
2
+1
4
+1
11

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button