EXCLUSIVETrending Article

දියමන්ති තියාගෙන මැණික් සොයනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය – පුහුණුකාර ගැටලුව ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

ශ්‍රි ලංකා කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට ක්‍රිස් සිල්වර්වූඩ් මහතාව පත් කිරිමට අදාලව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම මහතා සමග අවසන් අදියරේ සාකච්ඡා පවත්වා තියෙනවා.

ඉතිං කවුද මේ සිල්වර්වූඩ් කියන්නේ ?

සිල්වර්වූඩ් කියන්නේ එංගලන්තයේ මීට පෙර හිටපු ප්‍රධාන පුහුණුකරුවෙක්… Trevor Bayliss යටතේ එදා ප්‍රථම වතාවට එංගලන්තය එක්දින ලෝක කුසලානයක පහස වින්දට පස්සේ එංගලන්ත ක්‍රිකට් කන්ඩායම භාර වුනේ මේ සිල්වර්වූඩ් මහත්තයාට. මෙයා තමයි ට්‍රෙවල් බේල්ස්ගෙන් පස්සේ පුහුණුකරු විදිහට කටයුතු කරේ..

සිල්වර්වූඩ් කියන්නේ අවුරුදු 25කට පස්සේ තරුණ කන්ඩායමක් සමගින් එංගලන්ත ප්‍රාන්ත ශූරතාවය දිනා ගන්න Essex කන්ඩායම වෙනුවෙන් පුහුණුකාරිත්වය දරපු පුහුණුකරුවෙක් !

ඒ 2017. ඉතිං මේ දීප්තිමත් සටහන් එක්ක තමයි සිල්වර්වූඩ් මහතාව එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු කරන්නේ. මීට කලින් 2018 වසරේ එංගලන්ත කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු විදිහට කටයුතු කරපු සිල්වර්වූඩ් 2019දී එංගලන්ත කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කරනවා.

ඉතිං ඔහොම යද්දි 2021දි මෙයාව එංගලන්ත ක්‍රිකට් තේරිම් කමිටු සභාපති විදිහටත් පත් කරනවා.

එතැනින් පස්සේ තමයි වැඩේ අල වෙන්නේ. මෙයාට අයුතු බලයක් ලැබීම හින්දා මෙයා අනවශ්‍ය විදිහට තමන්ගේ තනි තීරණ වලට යනවා. ඔය කතන්දරය හින්දම මෙයාව එංගලන්ත ක්‍රිකට් වලින් අයින් කරනවා. ඒ මේ අවුරුද්දේ තිබුන අළු බඳුන තරගාවලියෙන් පස්සේ…

ඉතිං එහෙම එංගලන්ත ක්‍රිකට් වලින් නෙරපා හැරපු සාමාන්‍ය මට්ටමේ පුහුණුකරුවෙක් තමයි මේ සිල්වර්වූඩ් කියන්නේ !

දැන් හෙට අනිද්දා ලෝකයේ ලොකුම වගේම හොදම ලීග් එක වුනු අයි.පි.එල් පටන් ගන්නවා. එහි හයිද්‍රාබාද් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තමයි ටොම් මූඩි.

ඒ කියන්නේ අපේ ක්‍රිකට් අධ්‍යක්ෂක විදිහට අපේ බිම් මට්ටමේ ක්‍රිකට් හදන්න දවසකට ඩොලර් 1900ක ගාණක් දීලා ගෙනාපු කෙනා තමයි ඒ.

අයි.පි.එල් තරගාවලියේ හොදම කන්ඩායම වුන මුම්බායි කන්ඩායමේ පුහුණුකරු අපේ කන්සිස්ටන් කෝච් මහේල.

රාජස්ථාන් කන්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක කුමාර සංගක්කාර, හයිද්‍රාබාද් කන්ඩායමේ දඟ පන්දු පුහුණුකරු අපේ මුරලිදරන් !

ඉතිං ලෝකේ හොදම ලීග් එකේ අපේ කෝචස්ලා කොච්චර හිටියත් අපිට තාම අපේ කන්ඩායම වෙනුවෙන් පුහුණුකරුවෙක් හොයා ගන්න බැරි වෙලා තියෙන එක ගැන ඇත්තටම කණගාටුයි.

බංග්ලාදේශය වගේ රටවල් හුගාක් දුරට බලන්නේ විදේශීය පුහුණුකරුවන් ගන්න. මොකද ඒ කාලේ එයාලගේ හොද ක්‍රිකට් එකක් තිබුනේ නැ.. ඉතිං හොද ක්‍රිකට් එකක් ගහපු හොද දැනුමක් තියෙන කෝචස්ලා තමයි එයාලා ගන්න බලන්නේ…
අපිට බංග්ලාදේශයට වගේ ප්‍රශ්නයක් නැ… අපි ලෝක කුසලාන පවා දිනා ගත්තු රටක්.

ඉතිං ලංකාවේ හොද කෝචස්ලා ඉන්නවා. ඒ වගේම ලෝකෙම අපේ කෝචස්ලා ඉල්ලද්දි අපිට බැරි වෙලා තියෙනවා අපේ ටීම් එකට කෝච් කෙනෙක් හොයා ගන්න.

මහේලලා , සංගලා , මුරලිලා , සනාලා කියන්නේ ඉතිං අපේ ප්ලෙයර්ස්ලා වුනත් රෙස්පට් කරන චරිත. ඉතිං ඒ වගේ අයට බැරි නෑ පුහුණුකරුවෙක් විදිහට තමන්ගේ ගෞරවය තියාගෙන අපේ ටීම් එක ගොඩ ගන්න. මොකද ඉන්දියාව වුනත් යන්නේ තමන්ගේ ‍රටේම පුහුණුකරුවන් එක්ක. ඒත් අපිට නම් කවුරුත් නැ…

මහේල දැන් ඉන්නවා අපේ පුහුණු උපදේශක වෙලා.ඉතිං මහේල කියන්නේ උපදේශක කෙනෙක් විතරයි. ටීම් එකේ වගකීම ගන්න එයාට බැ… ටීම් එකේ වගකීම එන්නේ පුහුණුකරුට. දැන් මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙයි.

හරි අපි ඔය සිල්වර්වූඩ් ගත්තා කියමුකෝ…එයාට පුළුවන් වෙයිද අපේ අයත් එක්ක වැඩ කරන්න.

මිකී ආතර් ඉද්දි ප්‍රශ්නයක් වුනේ නැ.. මහේල මිකි දෙන්නා එකතු වෙලා වැඩේ කරා. මෙතන අපේ ක්‍රිකට් වල තීරණ හුගාක්ම ගියේ මහේලට ඕනි විදිහට, මහේල තමයි කන්සල්ටන් කෝච් විදිහට සමහර තීරණ ගත්තේ.

ඉතිං එංගලන්‍තයෙන් පන්නපු අනවශ්‍ය විදිහට තනි තීරණ ගත්ත කෙනෙක් ලංකාවට අරන් ඇවිත් එයා කොහොම මහේලලා එක්ක වැඩ කරයිද කියලා නම් ප්‍රශ්නයක් ??? මොකද මහේල පුහුණු උපදේශක නිසා එයාගේ අදහස් ක්‍රියාත්මක වෙන්න නම් පුහුණුකරු ඒ තීරණ එක්ක එකඟ වෙන්න ඕනි.

ඒත් මෙහෙම තනි තීරණ අරන් පන්නපු කෙනෙක් එක්ක කොහොම මහේලලාට වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක් ?

අනිත් දේ තමයි ටොම් මූඩි…

එයාට දවසට අපි ඩොලර් 1900ක් ගෙවනවා. ඉතිං මොනවද එයා ඒ ගන්න වැටුපට අපේ ක්‍රිකට් වලට කරලා තියෙන්නේ ?
කෝ එයා හදපු බිම් මට්ටමේ සැලසුම්…

ක්‍රිකට් කමිටුව ඩොමැස්ටික් structure එක හැදුවා. මූඩි මොනවාද තාම කරේ…

ඇයි අපිට බැරි ලංකාවේ කෝච් කෙනෙක් බැරි නම් අඩුම මූඩිව හරි අපේ හෙඩ් කෝච් කරන්න කතා කරන්න.
මේ මූඩිට ගෙවන සල්ලි වලින් අපේ පාසල් ක්‍රිකට් වලට පලමුපෙල ක්‍රිකට් හදන්න ‍යොදා ගත්ත නම් ඒකෙන් අපේ ක්‍රිකට් එක තව ටිකක් වර්ධනය වෙනවා.

මට නම් ටොම් මූඩිට ගෙවන ගානෙන් ගන්න වැඩ ප්‍රමාණය නම් හොදටම මදි. මේක ඉතිං ලංකාව නිසා මේවා අපිට අමුතු දේවල් නෙමෙයි.

ලංකාවේ මෙච්චර සම්පත් තියෙද්දි වතුර බෝතලේ හාල් ටික පවා පිටරටින් ගෙන්නන කාලෙක අපේ රටේ මෙච්චර ලෝකෙම ඉල්ලන පුහුණුකරුවන් ඉද්දි පිටරටවල් වලින් පන්නන පුහුණුකරුවෙක් ගෙන්නන්න හදන එක නම් ඉතිං අපිට අමුතු දෙයක් නෙමෙයි.

ඒ මොනවා වුනත් මේ වෙන හැම දෙයක්ම හොද විදිහට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button