Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය කාර්ය බහුල කාලයක් බවට ඉදිරි කාලය පත් වෙයි.!

ඉදිරි වසරක කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කාර්‍යබහුල වසරක් වීමට අතර දිගු කාලීන තරඟාවලි විරාමයන් රැසක් මඟහැරෙන බව නම් නොරහසකි.තරඟ ආකෘති තුනෙහිම සමබර අත්දැකීමක් ඉදිරි මාස කිහිපය තුල ලාංකේය ක්‍රීඩා ලෝලීන් හට අත්විඳීමට ලැබෙනු ඇත.

ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ ආසියානු කුසලාන තරඟාවලි සඳහා සත්කාරකත්වය දරන අතර ලෝක කුසලානයට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය සහ නවසීලන්තය යන රටවලට සංචාරයන් සඳහා ඉදිරි මාස 12 තුළ ශ්‍රී ලංකාව නියැලීමට නියමිතය.

දැඩි කාර්‍යබහුල ජාත්‍යන්තර කාලසටහනකට සූදානම් වීමට ශ්‍රී ලංකා කණ්ඩාටමට සිදුවනු ඇත. මේවා තහවුරු කළ සංචාර පමණක් වන අතර ක්‍රිකට් පාලක සංගම් සමඟ සාකච්ඡා අවසන් වූ පසු තවත් තරඟාවලි එකක් හෝ දෙකක් ඒ අතරට එක්වනු ඇත.

මෙවර ආසියානු කුසලානයට සත්කාරකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියට එක්වනු ඇත. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය මීට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී වුවද මෙම වසරේ අගෝස්තු මාසයේදී තරඟාවලිය පවත්වන්නට සංවිධායකවරුන් තීරණය කර තිබුණි.

ආසියානු කුසලානයට පෙර මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි උනන්දුවකින් පසුවූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් හට නවමු ඇත්දැකීමක් ගෙන දෙන T 10 ලීගයක් ද මෙරටදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවේ ටෙස්ට් තරගමාලාවකින් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග දෙකක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට සිදුවනු ඇත.

ආපසු යලි ශ්‍රීලංකාවට පැමිණීමෙන් පසු එළඹෙන ජුනි සහ ජූලි මාසවලදී ඕස්ට්‍රේලියනු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග පහකට සහ විස්සයි තරග තුනකට සත්කාරකත්වය සපයනු ඇත.

ඉන්පසු ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග තුනක් මෙරටදී පැවැත්වේ.

විස්සය් විස්ස තරඟ කිහිපයක්ද එම තරඟාවලියට ඇතුලත් කිරීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් ය.

මෙවර ආසියානු කුසලානය අගෝස්තු 27 වැනිදා සිට පැවැත්වීමට නියමිත අතර සුදුසුකම් ලැබීමේ වටයට ද සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවයි.

ලෝක කුසලානය ඔක්තෝම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව නැවතත් එක්දින තරග පහක් සහ විස්සයි20 තරග තුනක් සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7