Cricket NewsEXCLUSIVE

“අපි හිතුවටත් වඩා අපේ කොල්ලො හොඳටම කළා” – ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයකු ඕස්ට්‍රේලියානු සංචාරයේ සිංහ දස්කම් ගැන තැබූ සටහන.!

ඕසි යනකොට හිතුවේ එකක් දින්නත් ඇති කියලා…

මොකද ඕසි වල අපි මීට කලින් දිනලා තිබ්බට මේ පොඩි කොල්ලෝ ටිකෙන් භාගෙට භාගයක් ඕසි ගියේ පලවෙනි පාරට…
ඒ වගේම 2019 දී ඕසි ගිහින් ගහපු මැච් තුනම නහුතෙටම පැරදිලා ආවා අමතක නැතුව ඇති.

හැබැයි අන්තිමට අපි එකක් දිනලා තව මැච් එකක් සුපර් ඕවර් එකටත් අරන් ගියා.

මේ ක්‍රීඩා කරේ වර්ල්ඩ් චැම්පියන්ස්ලා එක්ක…
මේ දින්නේ අපේ හොදම බෝලර් වනිදු හසරංග නැතුව.
ඒ වගේම මේ සීරිස් එකේ හොදටම බෝල් කරපු බිනුරත් නැතුව…

ඕසි වල අපි තරගාවලිය පරාද වුනා.

ඒක නම් අපි අපේ කොල්ලෝ ඕසි යද්දිම දන්නවා.
හැබැයි ඒක නෙමෙයි වටින්නේ…

නිස්සංක ඕසි පිච් වල ලකුණු ගහන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා.
කුසල් මෙන්ඩිස් කොහොමද ඕසි වල විනින්ග් නොක් ගහන්නේ කියලා ඉගෙන ගත්තා.
දසුන් වුනත් කොහොමද ඕසි වල ස්පින් එකට ඇටෑක් කරන්නේ කියලා ඉගෙන ගත්තා.
අසලංකට වුනත් පාඩම් ඉගෙන ගන්න මේක හොද තරගාවලියක්.

ඒ වගේම අපේ අනිත් පිතිකරුවෝ..
අපේ පන්දු යවන්නෝ…

කොහොමද දැන් අපි ඕසි තණතීරුවලට හැඩ ගැහිලා තරග දිනන්න ඕනි කියන දේ අපි අන්තිමට ඉගෙන ගත්තා.

වැරදි කරලා වැරදි කරලා කොහොම හරි ඕසි වල දින්නන්නේ කොහොමද කියලා අපේ කොල්ලෝ ඇගට දා ගත්තා.
මේක තමයි බලාපොරොත්තු වුනේ.

මේ පාර වර්ල්ඩ් කප් එක තියෙන්නේ මේ රටේ.

දැන් මේ අත්දැකීම් එක්ක මේ අය දන්නවා මොනවද අපෙන් වුනු වැරදි මොනවද අපි ඒ වැරදි හදාගෙන තරග දිනන්න කරන්න ඕනි කියලා

අන්තිමට අපේ කොල්ලෝ මේ පාර අපි හිතුවටත් වඩා දෙයක් කරලා අපි බලාපොරොත්තු වුන දේ එයාල කරලම පෙන්නුවා.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7