Cricket NewsEXCLUSIVE

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ – ජෛව බුබුළටත් ඇතුලත් කර තිබු භානුක රාජපක්ෂව අවසන් මොහොතේ ඉවතට.!

එළඹෙන පෙබරවාරි 24 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නිල ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබුවා.

එහිදී විශේෂත්වය වන්නේ මේ වනවිටත් ජෛව බුබුලට ඇතුළත්ව සිටින ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් දෙදෙනාම ඉන්දියාවට එරෙහි විස්සයි-20 සංචිතයට කැඳවා නොතිබීමයි.

පසුගිය ලෝක කුසලාන තරගාවලිය පුරාවට ඉතා ඉහළ මට්ටමේ දස්කම් දැක්වීමට සමත් වූ භානුක රාජපක්ෂ අනතුරුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රශ්නයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු සංචාරය මගහැරුණා.

කෙසේ නමුත් පසුව එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සාර්ථකව අවසන් කළ භානුක රාජපක්ෂ ‍ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වු බව ක්‍රිකට් ආයතයම ප්‍රකාශ කරනු ලැබුවා.

එතිනින් නොනැවතී භානුක රාජපක්ෂව පසුගියදා ඉන්දීය සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජෛව බුබුළටද ඇතුලත් කරනු ලැබුවා.

කෙසේ නමුත් නියමිත SkinFold අගයට ඔහුට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් විස්සයි-20 සංචිතයෙන් ඔහුව ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ඒ අනුව නම් කරන ලද ශ්‍රී ලංකාවේ පහතින්

Dasun Shanaka – Captain
Pathum Nissanka
Kusal Mendis
Charith Asalanka – Vice-Captain
Dinesh Chandimal
Danushka Gunathilaka
Kamil Mishara
Janith Liyanage
Wanindu Hasaranga
Chamika Karunaratne
Dushmantha Chameera
Lahiru Kumara
Binura Fernando
Shiran Fernando
Maheesh Theekshana
Jeffrey Vandersay
Praveen Jayawickrama
Ashian Daniel – Subjected to Ministerial approval

අභාදයට ලක්වූ ක්‍රීඩකයන්

Avishka Fernando
Nuwan Thushara
Ramesh Mendis

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල මාධ්‍ය නිවේදනය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7