Cricket NewsEXCLUSIVE

Pretoria Capitals පිතිකරුවන්ට එරෙහිව නුවන් තුශාරගෙන් සාර්ථක පන්දු යැවීමක් ! තුශාරගේ නමට ඊයෙත් කඩුලු 3 ක් !

මෙවර SA20 තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ ක්‍රියාත්මක වූයේ MI Cape town හා Pretoria Capitals කණ්ඩායම් අතරයි.

කාසියේ වාසිය දිනාගත් Mi Cape Town කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 248 ක් රැස් කරද්දී Ryan Rickelton ලකුණු 90 කට දැවී ගිය අතර ඔහු මෙවර තරඟාවලියේ ශතකයක් අභිමුව දැවී ගිය සිව්වැනි අවස්ථාව වූයේද මෙයයි.ඩෙවාල්ඩ් බ්‍රේවිස් ලකුණු 66 ක් නොදැවී රැස් කරද්දී වේන් පානෙල් කඩුලු 3 ක් Pretoria Capitals වෙනුවෙන් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 249 ක් හඹා ගිය Pretoria capitals කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී රැස් කලේ ලකුණු 214 ක් පමණයි.හුදෙකලා සටනක නිරත වූ Kyle Verrenynne ලකුණු 116 ක් රැ කිරීමට සමත් විය.

MICT කණ්ඩායම වෙනුවෙන් සාරථකම පන්දුයවන්නා වූ නුවන් තුශාර කඩුලු 3 ක් බිඳහෙලන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button