Cricket NewsCricket World CupEXCLUSIVEUnder-19

ශ්‍රී ලංකා යොවුන් පිලේ ලෝක කුසලාන ගමනේ ඉදිරියට යනවාද නැද්ද ? තීරණය අද.

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන සුපිරි 6 වටයේ තීරණාත්මක තරගය අද (2) පැවැත්වේ. අවසන් පූර්ව වටයට එක්වීමට නම් මේ තරගයේදී ශ්‍රී ලංකා පිලට විශාල වැඩ කොටසක් කිරීමට සිදුව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන මේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉදිරියට යෑම සඳහා අනිවාර්ය වන අතර, එම ජය ඉහළ දළ ලකුණු වේගයකින් ද සමන්විත විය යුතුව තිබේ. එසේ වුවද ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන කොදෙව්වන් අද ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම ද අනිවාර්යයෙන් සිදු විය යුතුය. කොදෙව්වන් මේ තරගය ජය ගත හොත් ශ්‍රී ලංකාවට ඉදිරි වටයට එක්වීම සිහිනයක් වනු ඇත. කොදෙව්වන් පරාජය වුවද ශ්‍රී ලංකාවට පහළින් සිටින එංගලන්තය සහ සිම්බාබ්වේ තරගයේදී එංගලන්තය ජය ගැනීමට සමත් වුවහොත් ඔවුන්ගේ දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාවට බලපෑමක් වීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා සුපිරි 6 වටයේදී දෙවැනි කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින ඔස්ට්‍රේලියාව මේ වන විට අවසන් පුර්ව වටය ආසන්නයටම ගොස් තිබේ. අද පැවැත්වෙන කොදෙව්වන්ට එරෙහි තරගය ජය ගත හොත් ඔවුන් අපරාජිතවම අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. කොදෙව්වන් මේ තරගය පරාජය වුව හොත් ඔවුන්ට ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය දෙස බලා සිටීමට සිදු වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button