Cricket NewsEXCLUSIVE

පසුගිය තරඟ වලින් බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය ජය ගනු ඇතැයි අනාවැකි කියූ Aakash Chopraගෙන් අද තරඟය ඉන්දියාව ජය ගන්නා බවටත් අනාවැකියක්.!

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟයක් අද ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතයි. අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ ඉන්දීය කණ්ඩායමේ ඉදිරි ගමන මෙම වටයෙන් අවසාන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නොනිළ වශයෙන් අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගනු ඇත.

කෙසේ නමුත් මීට පෙර බංගලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර පැවති තරඟ ද්විත්වයම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජයග්‍රාහී මානසිකත්වයකින් පසු වනවා.

මේ අතර ඉන්දියාවේ ජනප්‍රිය විස්තර විචාරකයකු වන Aakash Chopra මෙම තරඟයේ ජයග්‍රහයකයන් ගැන අනාවැකියක් පවසා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ, ශ්‍රී ලංකාවට එරෙහිව අද දිනයේදීත් ඉන්දියාව ජය වාර්තා කරනු ඇති බවයි. මීට අමතරව මෙම තරගයේ රාහුල් සහ කෝලි ලකුණු 60+ ලබාගන්නා බවටත් අනුමාන කර තිබෙනවා.

මිට පෙර ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති තරඟයෙන් බංගලදේශයද, ඇෆ්ගනිස්තානය සමග පැවති තරඟයෙන් ඇෆ්ගනිස්තානයද ජය ගනු ඇති බවට ඔහු අනාවැකි පල කළා. නමුත් එම තරඟ ද්විත්වයෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button