Cricket NewsEXCLUSIVEInternational

පළමු තරඟයේ අවමන් සහත පරාජය අකාමකා ගත් දේදුණු දේශය දෙවන ටෙස්ට් තරඟයේ ජයත් සමඟින් තරඟාවලිය සම කරයි !

පළමු තරඟය ඉනිමකින් හා ලකුණු 276කින් පරාජය වූ සත්කාරක දකුණු අප්‍රිකානුවන් ක්‍රයිස්චර්චි හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරඟය ලකුණු 198 කින් ජයගත්තේ ඉතිහාසය පුරාවට නවසීලන්තය ඉදිරියේ තරඟාවලියක් පරාජය නොවීමේ වාර්ථාවද ඉදිරියට ගෙන යමිනි.

ජයග්‍රණය සඳහා ලකුණු 425 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 227 ක් පමණි.විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා හා මැක්‍රෝ ජැන්සන් කඩුලු තුන බැගින් බිඳහෙලීය.හුදෙකලා සටනක නිරත වූ ඩෙවෝන් කොන්වේ ශතකයට තවත් ලකුණු 8 ක් ඉතිරිව තිබියදී ලකුණු 98 කට දැවී ගියේය.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් සත්කාරක දකුණු අප්‍රිකානුවන් නවසීලන්ත කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කර සිටියේය.දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 364 ක් රැස් කලේය.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම වෙනුවෙන් සැරල් අර්වි සිය මංගල ශතකය වාර්ථා කරමින් ලකුණු 108 ක් රැස් කරන්නට සමත් විය.ඒඩ්න් මාක්‍රම් ලකුණු 42 ක් රැස් කරගන්නට සමත් වූ අතර පන්දු යැවීමේදී නීල් වැග්නර් කඩුලු 4 ක් හා මැට් හෙන්රි කඩුලු 3 ක් බිඳ දැමීය.

කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ගේ ශතකයෙන් සවිමත් වූ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 293 කට සීමාව් කරන්නට දකුණු අප්‍රිකානු වේගපන්දු වමත් දකුණත් සුසංයෝගයට හැකි විය.විශිෂ්ඨ පන්දුයවීමක නිරත වූ කාගිසෝ රබාඩා ලකුණු 60 කට කඩුලු 5 බිඳ හෙලීය.මැක්‍රෝ ජැන්සන් කඩුලු 4 ක් බිඳදමන්නට සමත් විය.

කඩුල්ලේ නොදැවී රැඳී සිටි ශතක ලාභී ග්‍රැන්ඩ්හෝම් ලකුණු 120 ක් රැස් කරමින් නවලීසන්තයට ජීවය ගෙන ආවේය.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 71 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් ලකුණු 354 කට කඩුලු 9 ක් දැවී ගොස් තිබියදී සිය ඉනිම අත් හිටුවීය.

ලකුණු 136 ක් නොදැවී රැස් කල කයිල් වර්නයින් වාර්ථාගත ශතකයකට උරුමකම් කීවේ නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකානු කඩුලු රකින්නෙකු රැස් කල පළමු ශතකය තමාගේ නම ඉදිරියේ ලියා ගනිමිනි.කගීසෝ රබාඩා ලකුණු 47 ක් රැස් කරමින් කයිල් වර්නයින් හට අගනා සහයෝගයක් ලබාදුන්නේය.නීල් වැග්නර් හා කයිල් ජෙමිශන් අතර දෙක තුන බැගින් බෙදී ගියේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසයේ පළමු තරඟාවලි ජයග්‍රහණය කරා යෑමට පිටියට පිවිසි නවසීලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 425 කි.යලිත් එක්වූ කගිසෝ රබාඩා හා මැක්‍රෝ ජැන්සන් නවසීලන්ත පිතිකරුවන් හට හිස එසවීමට ඉඩක් ලබා නොදුන්නේය.ඔවුන් දෙදෙනා හා කෙශාව් මහාරාජ් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය.

හුදෙකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ ලකුණු 92 ක් රැස් කල අතර එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

සමස්ත තරඟය පුරාවට කඩුලු 8 ක් හා ලකුණු 53 ක් රැස් කල කගීසෝ රබාඩා තරඟයේ වීරයා සම්මානය දිනාගත් අතර තරඟාවලියේ වීරයා වුයේ නවසීලන්ත ක්‍රීඩක මැට් හෙන්රිය.

තරඟාවලිය තරඟ 1-1 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟින් තමන්ගේ අපරාජිත වාර්ථාව රැකගන්නට සත්කාරක දකුණු අප්‍රිකානුවෝ සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7