Cricket GossipCricket NewsEXCLUSIVE

පසුගිය තරඟයෙනුත් බංගලාදේශය ජය ගනු ඇතැයි අනාවැකි කියූ Aakash Chopraගෙන් අද තරඟය ඇෆ්ගනිස්ථානය ජය ගන්නා බවටත් අනාවැකියක්.!

ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර පසුගිය දා පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතර දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව සුපිරි 4දෙනාගේ වටයේ පළමු තරඟය අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර ඉන්දියාවේ ජනප්‍රිය විස්තර විචාරකයකු වන Aakash Chopra මෙම තරඟයේ ජයග්‍රහයකයන් ගැන අනාවැකියක් පවසා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ, ශ්‍රී ලංකාවට එරෙහිව අද දිනයේදීත් ඇෆ්ගනිස්ථානය ජය වාර්තා කරනු ඇති බවයි. මිට පෙර ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති තරඟයේ දීද බංගලාදේශය ජය ගනු ඇති බවට ඔහු අනාවැකි පල කළා. නමුත් එම තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button