Cricket NewsEXCLUSIVE

“ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි, ඇගෙන්ම ආපු දෙයක්.. ක්‍රීඩාංගණයෙන් බංග්ලාදේශ ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු පීඩනයක් තිබුණා” – “නාගින් ඩාන්ස්” එක ගැන චාමික අදහස් දක්වයි.!

ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර පසුගිය දා පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතර දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟය ආරම්භ වීමට පෙරම වාග් සංග්‍රාමයක් වරම්භ වී තිබු මෙම තරඟය අවසනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න දැක්වූ “නාගින් ඩාන්ස්” සියල්ලන්ගේ අවධානයට යොමු වී තිබුනා.

මේ සම්භන්දයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදියකු වන ධනුෂ්ක අරවින්ද මහතා හා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් චාමික මෙලෙසින් අදහස් දක්වා සිටියා.

“ගොඩක් අය වැරදි විදිහට හිතන්න පුලුවන් ඒ ක්‍රියාව ගැන, ඒත් තරගයට කලින් ඉදලම බංග්ලාදේශ ක්‍රීඩකයින් අපිට සෑහෙන්න පීඩනයක් එල්ල කරලා තිබුණේ. ක්‍රීඩාංගණයෙන් බංග්ලාදේශ ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු පීඩනයක් තිබුණා. මට ඒ වෙලාවේ ඒක සෑහෙන්න දැනිලා තිබුණේ. මම ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි, ඇගෙන්ම ආපු දෙයක්.

තරගය ජයග්‍රහණය කරනවා වගේම ලොකු කේන්තියක් තිබුණා ඇග ඇතුලෙන්ම. අනිවාර්යයෙන්ම දිනලා මේක කරන්න ඕනි කියලා. අපිට මතකයි, අපි ලංකාවේ ඉන්නකොට අපේම ක්‍රීඩාංගණයට බැහැලා මුලු කණ්ඩායමම එකතුවෙලා ඒ කරපු දේ ගැන. එතකොට මම කණ්ඩායමේ සිටියේ නැහැ. මම එදා තරගය බැලුවේ ප්‍රේක්ෂකාගාරය ඉදලා. මම සැහීමකට පත්වෙන්නෙ නැහැ මගේ දක්ෂතා ගැන, මොකද මේක නෙවෙයි මගේ හොදම. මේ මගේ 60% ක් විතර මම බලාපොරොත්තු වෙන දේවල් වලින්.

ඒ නිසා තව මහන්සි වෙනවා, කැප වෙනවා ඒ දේවල් වෙනුවෙන්. දැන් අපේ මෝටිවේෂන් එකත් එක්ක අපි ඇෆ්ගනිස්තානයත් එක්ක මුලින් සෙල්ලම් කරපු තරගයට වඩා අපි අනිවාර්යෙන්ම ලොකු දෙයක් කරයි.”

එම සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7