Cricket NewsEXCLUSIVE

වෙනස්කම් හතරක් ද සමඟින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම,අවමන් සහගත පරාජයේ වාඩුව ගනී-ශ්‍රීලංකාවට ලකුණු 132 ක දැවැන්ත ජයක් !

සංචාරක ඇෆ්ගනිස්තානය සමඟින් පැවැත්වෙන තරඟ තුනකිත් යුත් එක්දින තරඟාවලියේ දෙවැනි තරඟය අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාව දුටුවේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 132 ක ජයක් හිමිකර දෙමින්.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සංචාරක ඇෆ්ගනිස්තානයට එරෙහිව මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර ඉනිමට සාර්ථක ආරම්භයක් එක් කල දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් රැස් කලේය.කලකට පසු ජාතික කණ්ඩායමට පැමිණි සදීර සමරවික්‍රම ලකුණු 44 ක් රැස් කරන්නට සමත් වූයෙ කුසල් මෙන්ඩිස් සමඟින් අගනා සම්බන්ධතාවයක් ගොඩනගමින්.කලකට පසු තම පිත්තෙන් අගනා රිද්මයක් සොයාගත් උපනායක කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හයේ පහර හතකින් හා හයේ පහරකින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මොහොමඩ් නබී හා ෆරීඩ් අහම්ඩ් අතර කඩුලු දෙක බැගින් බෙදී යද්දි ඉනිමට වේගවත් අවසානයක් එක් කල වනිඳු හසරංග හා දනංජයද සිල්වා නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් කරා රැගෙන ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 324 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානයට පන්දුවාර 42 කුත් එක් පන්දුවක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණයි.අබාධයෙන් අනතුරුව යලිත් ජාතික කණ්ඩායමට පැමිණි දුශ්මන්ත චමීරගේ වේගපන්දුව හමුවේ අසරණ වූ ඇෆ්ගන් කණ්ඩායමේ තීරණාත්මක සාධකය වූ රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු දෙකකට දැවී යද්දී.

යලිත් සාර්ථක වූ ඊබ්‍රහීම් සද්‍රාන්(54) හා හස්රතුල්ලා ශහීඩිගේ(56) පිත්තෙන් ඇෆ්ගනිස්තාන ඉනිමට අර්ධ ශතක එක්වෙද්දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සාර්ථකව තරඟය තමන් දෙසට නතු කරගන්නට සමත් විය.යලිත් පන්දු යැවීමේදී සාර්ථක වූ තුන් ඉරියව් ක්‍රීඩක දනංජයද සිල්වා ලකුණු 39 කට කඩුලු 3 ක් බිඳහෙලද්දී යලිත් පසුපෙල පිතිකරුවන්ට භීතිකාවක් වූ වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳ හෙලීය.

ඒ අනුව දෙරට අතර පැවැති දෙවන තරඟය ලකුණු 132 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය තරඟ 1-1 ලෙසින් සම කිරීමට සමත් විය.

කණ්ඩායම වෙනුවෙන් සුපිරි තුන්ඉරියව් දස්කම් දැක්වූ දනංජයද සිල්වා තරඟයේ වීරයා ලෙසින් සම්මාන හිමිකරගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button