Cricket NewsEXCLUSIVE

ටෙස්ට් ලෝක ශූරතාවලි අවසන් මහා තරඟය පෙනෙන මානයේදී ඔස්ට්‍රේලියාවට විශාල අකරතැබ්බයක් – ඔස්ට්‍රේලියාවට ජ්‍යේෂ්ඨතම වේගපන්දු යවන්නෙකුගේ සහය අහිමිවෙයි !

ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟය එංගලන්තයේ ඕවල් හිදී පැවැත්වීමට තවත් ඉතිරිව තිබෙන්නේ දින තුනකටත් නොවැඩි කාලයක්.ලබන 7 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරඟය සඳහා දෙපිලම මේ වන විටත් එංගලන්තයේ පුහුණු වීම් සඳහා එක්ව අවසන්.

කෙසේ නමුත් තරඟය ඇරඹෙන්නට සීමිත දින ගණනක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මුහුණ දීමට සිදුව තිබෙන්නේ සුළු පටු අකරතැබ්බයකට නම් නොවේ.ලෝක ටෙස්ට් ශූරතාවලියට ඔස්ට්‍රේලියාව පැමිණි ගමන් මග තුලදී ඔවුන්ගේ වේගපන්දු බලඇණිය තුල ජොශ් හෙස්ල්වුඩ් තීරණාත්මක සාධයක් විය.

අත්දැකීම් අතින් බහුල වේගපන්දු යවන්නෙකු වන හෙස්ල්වුඩ් ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟය සඳහා ක්‍රීඩා නොකරන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කලමණාකාරීත්වය අද නිවේදනය කර සිටියා.ඒ ආබාධ තත්වයක් හේතුවෙන්.

අයිපීඑල් තරඟාවලියේ මුල් තරඟ කිහිපයද ඔහුට අහිමි වූ අතර ඒ ආබාධ තත්වයක් හේතුවෙන්.කෙසේ නමුත් හෙස්ල්වුඩ්ගේ ආදේශනය නම් කිරීමටද අද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කලමණාකාරීත්වය කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියානු දේශීය පිටිය තුල කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ Micheal Nezer ජාතික කණ්ඩායමට කැඳවමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button