Cricket NewsEXCLUSIVEUnder-19

විනුජ රන්පුල් ඇතුළු ශ්‍රී ලංකා යොවුන් පන්දු බලඇණිය ඉදිරියේ ඇෆ්ගනිස්තාන පිතිකරුවන් දණ නමයි.!

මේ දින වල බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය (Super League Quarter-Final 4) ලෙස මේ වන විය ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරඟයේදි විශිෂ්ට දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුවා.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ඝනිස්තානයට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන යොවුන් පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව ලකුණු 26ක් වන විට ඔවුන්ගේ පළමු කඩුලු 4ම දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව සිටියා.

Bilal Sayedi ලකුණු 6කටත්, Nangeyalia Kharote ලකුණු 13කටත්, නායක Suliman Safi එක් ලකුණකටත්, Ijaz Ahmad Ahmadzai ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා.

පළමු කඩුල්ල ට්‍රෙවීන් මැතිව් විසින් දවා ගත් අතර, සෙසු කඩුලු 3 දවා ගත්තේ විනුජ රන්පුල් විසිනුයි.

රන්පුල් මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කළ පළමු තරගය ද මෙය වන අතර මතීෂ පතිරණ වෙනුවටයි අද ඔහු ක්‍රිඩා කරනු ලැබුවේ.

තරඟයේ සජීවී ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button