Cricket NewsEXCLUSIVEInternational

Rovman Powellගෙ ගිණිකෙළි සැණකෙළිය මැද ප්‍රභල එංගලන්තය පරාජය කළ කොදව්වන් තරඟාවලියේ පෙරමුණට.!

එංගලන්ත කණ්ඩායමේ කොදෙව් සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරඟාවලියේ තෙවැනි තරඟයේදී ප්‍රභල එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජය කල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ අද සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීම සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර කොදෙව්වන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවි ලකුණු 224 ක් රැස්කිරීමට සමත් වුනා.

විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 53 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 107 ක් රැස්කළ රොව්මන් පවෙල් සිය මංගල විස්සයි-20 ශතකය ලබාගැනීමට සමත්විය.

පවෙල්ට අනගි සහයක් ලබාදුන් නිකලස් පූරන්ද වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 43 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 70 ක් ලබාගත්තා.

රොව්මන් පවෙල් සහ නිකලස් පූරන් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 66 කදි ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළා.

ඒ අනුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 225 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 204 ක් පමණි.

ටොම් බැන්ටන් සහ ෆිල් සෝල්ට් වේගවත් පිතිහරඹවල නිරත වෙමින් එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගත් උත්සහය කැපී පෙනුන සිදුවීමක් වුනා.

ටොම් බැන්ටන් පන්දු 39 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 73 ක් ලබාගත්තේය. ෆිල් සෝල්ට් පන්දු 24 කදි හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 57 ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේදී රොමාරියෝ ශෙෆර්ඞ් කඩුලූ 3 ක් ද, කරන් පොලාඞ් කඩුලූ 2 ක් ද, ශෙල්ඩන් කොට්ට‍්‍රල්, ජේසන් හෝල්ඩර් සහ අකීල් හුසේන් කඩුල්ල බැගින්ද දවාගනිමින් කොදෙව් පිලේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය කොදෙව් ක්‍රීඩක රොව්මන් පවෙල් හට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button