Cricket NewsCricket World CupEXCLUSIVE

ප්‍රභල එංගලන්ත පිතිකරුවන් ඇෆ්ගන් පන්දු බලඇණිය හමුවේ දණ නමයි – වත්මන් ලෝක ශුරයන් ලකුණු 69කින් පරාජය කරමින් ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කරයි.!

මුළු ලෝකයේම අවධානය දිනා ගන්නා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 13 වන තරඟය ලෙස එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරඟයෙන් ලකුණු ##ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 284ක් රැස් කිරීමට සමත් වුණා.

ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Rahmanullah Gurbaz පන්දු 57කදී ලකුණු 80ක් වාර්තා කිරීමට සමත් වුනා.

Ikram Alikhil ලකුණු 58ක් රැස් කළ අතර Mujeeb Ur Rahman ලකුණු 28ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Adil Rashid කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 285ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන්ට පන්දුවාර 40.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 215ක් පමණයි

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Harry Brook ලකුණු 66ක් රැස් කල අතර Dawid Malan ලකුණු 32ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rashid Khan සහ Mujeeb Ur Rahman කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button