Cricket NewsEXCLUSIVEInternational

ඉති­හා­සයේ පළමු වරට ඇෆ්ග­නි­ස්තානය සුපිරි 8ට

ඇෆ්ග­නි­ස්තාන ක්‍රිකට් කණ්ඩා­යම ඉති­හා­සයේ පළමු වරට විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යක සුපිරි 8 වට­යට එක්වීමේ අව­ස්ථාව පෙරේදා උදා­කර ගත්තේය.

පැපුවා නිව්ගි­නි­යාව සමඟ ට්‍රිනි­ඩෑඩ්හි පැවති තර­ගා­ව­ලියේ 29 වැනි තර­ග­යෙන් ඇෆ්ග­නි­ස්තා­නය කඩුලු 7ක ජයක් හිමි කර ගත් අතර, ඒ සමඟ බට­හිර ඉන්දීය කොදෙව් පිලට පසු ‘සී’ කාණ්ඩ­යෙන් සුපිරි අට වට­යට එක්වූ දෙවැනි රට බවට ඇෆ්ග­නි­ස්තා­නය පත් විය.

2010 වසරේ පළමු වරට විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­ය­කට එක්වූ ඇෆ්ග­නි­ස්තා­නය තෙව­රක් පළමු වට­යෙන් ඉව­තට විසිවූ අතර, ශ්‍රේණි­ගත කිරී­ම්වල ඉදි­රි­යෙන් සිටීම හේතු­වෙන් අව­සන් වරට පැවති තර­ගා­වලි ත්‍රිත්ව­යේදී කෙළින්ම දෙවැනි වට­යට එක්විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් පැපුවා නිව්ගි­නියා පිල ඕවර 19.5කදී ලකුණු 95කට සීමා කළ ඇෆ්ගන් ක්‍රීඩ­කයෝ ඕවර 15.1කදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 3ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

ගුල්බ­දීන් නයිබ් පන්දු 36කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 49ක් රැස් කර­මින් ඇෆ්ගන් පිල ජය­ග්‍ර­හ­ණය කරා ගෙන ගියේය.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් පැපුවා නිව්ගි­නියා ඉනිමේ මුල් කඩුලු 7 ලකුණු 50ක් තුළ බිඳ වැටුණු අතර, කිප්ලින් ඩොරිගා ලකුණු 27ක් රැස් කර­මින් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා විය. පන්දු යැවී­මේදී ෆස­ල්හක් ෆාරුකි කඩුලු 3ක් සහ නවීන් උල් හක් කඩුලු 2ක් දවා ගත්හ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button