Cricket NewsEXCLUSIVEInternational

කෝඩුකාර ඇෆ්ගනිස්ථානය පරදවමින් දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්පූර්ව වටයේ පළමු තරඟය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟයෙන් පහසු ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

එහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 56ක් රැස්කළේය. එම අභියෝගය හමුවේ පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුළු 9ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනූව දකුණු අප්‍රිකා කණ්ඩායම 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරඟයට අනිද්දා (29) මුහුණ දීමට නියමිතය.

දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලානයකදී අවසන් වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button