Cricket NewsEXCLUSIVE

වසර 8කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය ද සමග ජයග්‍රාහී බස් රථයෙන් වීදි සංචාරය කරයි – මග දෙපස ක්‍රිකට් රසිකයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්.!

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ පෙරළියක් සිදු කළ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 6වන වරටත් ආසියානු කුසලාන ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබුවේ අවසන් මහා තරඟයේදි ප්‍රභල පකිස්තානය පරාජය කරමිනි.

ඒ අනුව ජයග්‍රාහි ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානයද සහිතව අද උදෑසන 5.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට ක්‍රිකට් ආයතනයවිශේෂ පිළිගැනීමේ උත්සවයක් සුදානම් කර තිබුනා.

එයින් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායම ජයග්‍රාහී පෙළපාලියකට සහභාගී වූ අතර අතර ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් ‘ඩබල් ඩෙකර්’ බස් රථය කොළඹ-කටුනායක සාමාන්‍ය මාර්ගය ඔස්සේ පැමිණීමේදී ක්‍රිකට් රසිකයන්ගෙන් ආසියානු ශුරයන්ට හිමි වුයේ උණුසුම් පිළිගැනීමක්.

2014 විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 8කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය ද සහිතව බස් රථයෙන් පැමිණි ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button