Cricket NewsEXCLUSIVE

භානුක රාජපක්ෂගේ ක්‍රිකට් අනාගතයේ තීරණාත්මක සාධකයක් වූ Punjab Kings කණ්ඩායම ආසියානු කුසලාන ජයග්‍රහණය සහ භානුකගේ දස්කම් වෙනුවෙන් තැබූ විශේෂ සටහන.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට සිදුවන අසාධාරණක් ⁣වෙනුවෙන් ක්‍රිකට් රසිකයන් පාරට බැස ඇත්තේ එකම එක් වතාවක් පමණයි. ඒ මීට මාස කිහිපයකට පෙර ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ වෙනුවෙන් ක්‍රිකට් ආයතනය අසලට පැමිණි ක්‍රිකට් රසික යනුයි.

එම කාලසීමාවේදී ක්‍රිකට් ආයතනය සමග ඇතිවූ යම් යම් මතභේදාත්මක තත්ත්වයක් මත ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමටද භානුක රාජපක්ෂ තීරණය කළ අතර අනතුරුව ක්‍රිකට් රසිකයන්ගෙන් සහ අදාල බලධාරීන් ගේ මැදිහත්වීමෙන් එම ඉල්ලීම නැවත ඔහු ඉල්ලා අස්කර ගත්තා.

එම කාලසීමාවේ ශ්‍රී ලංකාවේ දැඩි මතභේදාත්මක කරුණක් බවට පත්වූ භානුක රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට අකමැති වූ ක්‍රිකට් රසිකයන් #DontRetireBhanuka යන එක සමාජ මාධ්‍ය මෙහෙයුම දියත් කරනු ලැබුවා.

මෙවැනි වටපිටාවක් අතරතුර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Punjab Kings කණ්ඩායම ක්‍රීඩක වෙන්දේසියේ දී භානුක රාජපක්ෂව සිය කණ්ඩායමට මිළදී ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවා ඔහු නොසලකා හරිමින් තිබූ පසුබිමකයි.

එතැනින් නොනැවතුනු ඔවුන් සිය කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස භානුක රාජපක්ෂව කැඳවූ අතර කණ්ඩායමට අත්‍යාවශ්‍යම ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලෙමින් තමන් කවුද යැයි මුළු ලොවටම පසක් කිරීමට එම අවස්ථාව උපයෝගී කර ගැනීමට භානුක රාජපක්ෂ සමත් වුණා.

මෙම දක්ෂතාවයන් හේතුවෙන් තව දුරටත් භානුක රාජපක්ෂව නොසලකා හැරිමට නොහැකි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් එතෙක් ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයෙන් සහ ඉන්දීය තරග සංචාරය ඉවත් කර තිබූ භානුක රාජපක්ෂව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වූ විස්සයි-20 තරගාවලියේ සිට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට තීරණය කළා.

අනතුරුව ආසියානු කුසලාන සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන භානුක රාජපක්ෂ පසුගිය ආසියානු කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවීමේ පුරෝගාමියෙකු වූ අතර අවසන් මහා තරගයේ වීරයා බවට ද පත් වූයේ භානුක රාජපක්ෂයි.

ඇතැම් විට එදා ක්‍රීඩක වෙන්දේසියේ දී භානුක රාජපක්ෂ මිලදී ගැනීමට පන්ජාබ් කණ්ඩායම කටයුතු නොකලානම් ශ්‍රී ලංකාවට 6වන ආසියානු කුසලානය සිහිනයක්ම පමණක් වීමට ද ඉඩ තිබුණි.

ආසියානු කුසලාන ජයග්‍රහණය කිරීමේ පුරෝගාමී වූ භානුක රාජපක්ෂගේ දස්කම් අමතක නොකල Punjab Kings කණ්ඩායම එය ඇගයීමට අමතක කර තිබුණේ නැහැ.

ආසියානු කුසලාන ජයග්‍රහනය සහ භානුක රාජපක්ෂ වෙනුවෙන් Punjab Kings තැබු විශේෂ සුභ පැතුම් පණිවිඩය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7