Cricket NewsEXCLUSIVELegends Series

ශ්‍රී ලංකා Legends කණ්ඩායම ලකුණු 33කින් පරාජය කළ ඉන්දියාව අඛණ්ඩව දෙවන වරටත් Legends ලෝක ශුරතාවය ජයග්‍රහණය කරයි.!

අතීත ක්‍රිකට් පිටිය රජකල සුපිරි ක්‍රිකට් තරු සහභාගී වන Road Safety World Series ලෝක ශූරතාවලියේ India Legends කණ්ඩායම සහ ශ්‍රී ලංකා Legends කණ්ඩායම අතර පැවැති අවසන් මහා තරඟවෙන් ලකුණු 33ක ජයක් හිමිකරගනිමින් දෙවන වරටත් අඛණ්ඩව ශුරතාවය හිමිකර ගැනීමට ඉන්දියන් ඉන්දියන් ලෙජන්ඩ් කණ්ඩායම සමත් වුනා.

අද.තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් පමනක් දැවි ලකුණු 195ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවා.

ඒ අනුව ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුයේ ලකුණු 162ක් පමණයි.

ඒ අනුව ලකුණු 33ක ජයක් හිමිකරගත් ඉන්දියාව දෙවන වරටත් ලෙජන්ඩ් ලෝක ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7