Cricket NewsEXCLUSIVE

කුසල් පෙරේරාගෙන් පන්දු 20 කින් වේගවත් ලකුණු 50 ක් – පිට පිටම දෙවන තරඟයේදීත් චාමික කරුණාරත්නට කඩුලු 3 ක් ! ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ T10 හි ආධිපත්‍ය පතුරවයි !

ඊයේ බංග්ලා ටයිගර්ස් හා නිව් යෝක් ස්ට්‍රයිකර්ස් අතර තරඟය ඊයේ අබුඩාබි හිදී නිමාව දුටු අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කැපී පෙනෙන දස්කම් දැක්වීමද විශේෂත්වයක්.

බංග්ලා ටයිගර්ස් වෙනුවෙන් තරඟ වැදුණු කුසල් මෙන්ඩිස් හයේ පහර දෙකක් හා හතරේ පහර හතරක් සමඟින් පන්දු 12 කදී ලකුණු 29 ක් රැස් කල අතර ඔවුන් නියමිත පන්දුවාර 10 තුලදී කඩුලු 7 ක් දැවී ලකුණු 101 ක් රැස් කලේය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න මෙවර තරඟාවලියේදී ඔහු වාර්ථා කල දෙවැනි කඩුලු තුන වාර්ථා කලේ තරඟයේ වීරයා සම්මානයටද උරුම කම් කියමින්.

ලකුණු 102 ක ඉලක්කයක් හඹා ගියා ස්ට්‍රයිකර්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 7 කුත් පන්දු 4 ක් අවසානයේදී පසු කර ගියේ කඩුලු 2 ක් පමණක් දැවී තිබියදීයි.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 20 කදී වේගවත් ලකුණු 50 ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් හා හයේ පහර දෙකක් අන්තර්ගත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
8
+1
7
+1
1
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7