Cricket NewsEXCLUSIVE

“ශල්‍යකර්මයෙන් පසු මම බොහෝ දුරට සුවය ලබලයි ඉන්නෙ, ඒ වගේම මම නැවත ආබාධයකට ලක් වෙලා නෑ.. ලබන සතියේ සිට NSL ක්‍රීඩා කරන්නත් මම සුදානම්” – දුශ්මන්ත චමීර

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර යලිත් ආබාධයකට ලක්ව ඇතැයි සඳහන් පුවතක් අද සමාජ මාධ්‍ය පුරාවට වේගයෙන් සංසරණය විය.ඉකුත් වසරේදී පැවැති විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී චමීරගේ වළලුකර ආශ්‍රිතව ආබාධයකට ලක්වූ අතර පසුව ඔහු සැත්කමකටද භාජනය කෙරීය.

ශල්‍යකර්මය සාර්ථකව නිමා කල පසු චමීර හට යලිත් තරඟ ආකෘති තුනම ක්‍රීඩා කල හැකි බව මහාචාර්ය අර්ජුණද සිල්වා මහතා ප්‍රකාශ කල අතර චමීරද මීට කලකට ඉහතදී පුහුණුවීම් සඳහා එක්වූ බව සඳහන්.

කෙසේ නමුත් ඔහු යලිත් ආබාධයකට ලක්ව ඇතැයි පැවසෙන පුවත සංසරණය වීමත් සමගින් ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ එම පුවත අසත්‍ය බවත් ඔහු ලබන සතියෙන් පසුව නැශනල් සුපර් ලීග් තරඟාවලිය සමඟින් එක් වීමට සූදානමින් සිටින බවයි.

එම ට්විටර් සටහන ඔස්සේ ඔහු කියා සිටියේ “මගේ ශල්‍යකර්මයෙන් පසු මම බොහෝ දුරට සුවය ලබා තියෙනවා.ඒ වගේම මම නැවත ආබාධයකට ලක් වී නෑ.මේ වනවිට මා පුහුණුවීම් ආරම්භ කරලා තියනවා ලබන සතියෙන් පසු නැවත නැශනල් සුපර් ලීග් තරගාවලියේ මහනුවර කන්ඩායම වෙනුවෙන් එක්දින තරග ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙනවා”යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button