Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව ඉදිරියේ කිසිදා සිදු කිරීමට නොහැකි වූ වික්‍රමය සිදු කිරීමට නවසීලන්තයට හැකියාව ලැබේවිද ? – ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතීත ශ්‍රී විභූතිය රැකගනිවිද ? – තීරණාත්මක අවසන් දිනය හෙටයි.!

තෙවැනි දිනයට සාපේක්ෂව සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත මට්ටමකට ගෙන එන්නට ශ්‍රී ලංකා මැදපෙල පිතිකරුවන්ගේ විශිෂ්ඨ දස්කම් හේතුවිය. සිය 14 වෙනි ටෙස්ට් ශතකය ඇන්ජලෝගේ පිත්තෙන් වාර්ථා වද්දී එය ඔහු නවසීලන්තය තුල රැස් කල දෙවන ශතකයද වූවා.

මව්බිමෙන් පිට ශතක 9 ක් රැස් කර තිබෙන ඇනජලෝගේ සටන් කාමී ඉනිමට අගනා සහයක් ලබාදුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් හා මෙම තරඟයේදී දෙවන වරටත් සිය අර්ධ ශතකය ලකුණු 3 කින් ධනංජය ද සිල්වාට අහිමි ව ගියේය. නොදැවී ලකුණු 47 ක් රැස් කල ධනංජයගේ ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 300 සීමාව ඉක්මවා ගියේය.

සිය දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 302 ක් රැස් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ සත්කාරක නවසීලන්තයට ලකුණු 285 ක ඉලක්කයක් හිමිකර දෙමිනි.

සිව්වැනි දිනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 37 කි.කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන ටොම් ලැතම් ලකුණු 11 ක් හා කේන් විලියම්සන් ලකුණු 7 ක් රැස් කරගෙන සිටී.

තරඟයේ තීරණාත්මක පස්වැනි දිනය වන හෙට දිනයේදී නවසීලන්ත කණ්ඩායමට කඩුලු 9 ක් අතැතිව ලකුණු ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක් පසුපසින් සිටී.හෙට දිනයේදී නවසීලන්ත කණ්ඩායමට මෙම ටෙස්ට් තරඟය ජයග්‍රණය කල හැකි වුව හොත් වාර්ථා පොත් අලුත්කිරීමට හැකිවන ලකුණු හඹායෑමක් බවට එය පත්වනු ඇත.

වසර ගණනාවක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල සිව්වන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 280 ක් හඹාගොස් ජයගෙන ඇත්තේ පකිස්තානු කණ්ඩායම පමණයි. නවසීලන්තය අවස්ථා හතකදී හඹාගොස් ඇති අතර එම අවස්ථා හතේදීම නවසීලන්තයට ජයග්‍රහණය කිරීමට හැකි වී නොමැති අතර නවසීලන්තය සිය සමස්ත ටෙස්ට් ක්‍රිකට් වංශකතාව තුලම ලකුණු 280 ක් හඹාගොස් ජයගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7