Cricket NewsEXCLUSIVELPL

LPL 2023 තරඟාවලියේ අවසන් මහා සංග්‍රාමයට සහ අති උත්කර්ෂවත් සමාප්ති උළෙලට සියල්ල සුදානම්.!

සිව්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සමාප්ති උලෙළ පස්වරු 06ට ආරම්භ වීමට නියමිත අතර, B-Love Kandy සහ Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිත ව තිබේ.

විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායම් දෙකම LPL තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්තාව මෙය වීම විශේෂත්වයකි.

මේ දක්වා පැවති තරගාවලි තුනේදීම ශූරතාව හිමිකරගැනීමට සමත්වූයේ, Jaffna Kings කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button