Cricket NewsEXCLUSIVE

2023 ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ වදින සියලු කණ්ඩායම් තීන්දුයි – තරඟාවලිය එළඹෙන සැප්තැම්බරයේ.!

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් බැවින් එය ඉලක්ක කොට මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

වර්තමාන ආසියානු ශූරයින් බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ‘B’ කාණ්ඩය යටතේ තරග වදින අතර, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තනය එම ඛණ්ඩයේ සෙසු රටවල් වනවා. ආසියානු කුසලාන තරගාවලිය කණ්ඩායම් 6 කගෙන් සමන්විත පැවැත්වෙන අතර ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ‘A’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

Group A – ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය
Group B – ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තනය

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
23
+1
23
+1
37
+1
9
+1
6
+1
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button