Cricket NewsEXCLUSIVEIPL

Hardik Pandya, David Miller ඇතුළු සුපිරි පිතිකරුවන් රැසකගෙන් සමන්විත Gujarat Titans පිතිකරණ බලඇණිය දණ ගස්වමින්, සිය ලකුණු 130 ආරක්ෂා කරගැනීමට Delhi Capitals පන්දු බලඇණිය සමත් වෙයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44න තරගය ලෙස Delhi Capitals කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 5ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Delhi Capitals ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Delhi Capitals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals වෙනුවෙන්Aman Hakim Khan ලකුණු 51ක් වාර්තා කිරීමට සමත් වුනා.

Axar Patel ලකුණු 30ක් රැස් කළ අතර Ripal Patel ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mohammed Shami කඩුලු 4ක් බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 125ක් පමණයි

Gujarat Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Hardik Pandya ලකුණු 59ක් රැස් කල අතර Abhinav Manohar ලකුණු 26ක් රැස් කළා.

පන්දු යැවීමේදී Ishant Sharma සහ Khaleel Ahmed කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button