Cricket NewsEXCLUSIVE

ආසියාවේ ප්‍රභලතම කණ්ඩායම් ත්‍රිත්වයම සිය ප්‍රධාන වේගපන්දු යවන්නන් නොමැතිව ආසියානු කුසලානයට පිවිසෙන ලකුණු.!

එදා මෙදා තුර ආසියානු කුසලාන තරඟ ඉතිහාසය පුරාවට වැඩිම වරක් ජයග්‍රාහකයින් ලෙස කිරුළු පැළඳුවේ ඉන්දීය කණ්ඩායමය. එමෙන්ම වැඩිම වරක් අවසන් මහා තරඟය නියෝජනය කල, දෙවන වැඩිම ජයග්‍රහණ හිමිකරගත් කණ්ඩායම වනුයේ ශ්‍රී ලංකා කණ්ඩායම ය. පකිස්තානය දෙවරක් ශූරතාවට හිමිකම් කියද්දී මෙකී කණ්ඩායම් තුන හැරුණු කොට සෙසු එකදු හෝ ආසියානු කණ්ඩායමට ශූරයින් ලෙස කිරුළු පළඳින්නට නොහැකි විය.

මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා,ඉන්දීය හා පකිස්තානු කණ්ඩායම් තුනම තමන්ගේ ප්‍රධානතම වේගපන්දු යවන්නා රහිතව තරඟාවලියට පිවිසීමට සිදු වී ඇත. ඉන්දීය කණ්ඩායමට ජැස්ප්‍රිට් බුම්‍රා තීරණාත්මක සාධකයක් විය. පන්දු යැවීමේ බලඇණිය සීමිත පන්දුවාර තරඟ රටාව තුලදී වැඩි වශයෙන් මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා මත යැපෙනු දක්නට ලැබීය.

“ජස්ප්‍රිත් බුම්රාට කොන්දේ ආබාධයක් ඇති අතර ඔහු ආසියානු කුසලානයට ක්‍රීඩා නොකරනු ඇත. ඔහු අපේ ප්‍රධාන පන්දු යවන්නා, ඔහු විස්සයි-20 ලෝක කුසලානයට පෙර නැවත ක්‍රීඩා කරනවාට අපි කැමතියි. ආසියානු කුසලානයේදී අපට ඔහුව අවදානමට ලක් කළ නොහැකි අතර ආබාධය උග්‍ර විය හැකිය.,” එසේ BCCI හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මාධ්‍යට පවසා තිබෙනවා.

තරඟ ආකෘති තුනේම වේගවත් වර්ධනයක් නිර්මාණය කරගත් ශහීන් අෆ්‍රීඩි කෙටි කලකින් පකිස්තානු කණ්ඩායමේ ගැලවුම් කරුවා බවට පත් විය. දිගින් දිගටම හොඳ රිද්මයක සිටි ඔහු නිරන්තරයෙන් කඩුලු අතර රැඳෙන්නට ප්‍රධානතම සාධකය කරගත්තේ කෙටි කලකින් ඕනෑම ආකෘතියකට හැඩගැසීමට ඔහු සතුවූ හැකියාවයි.

ශහීන්ගේ දණහිසේ ආබාධය පකිස්තානයට තම ප්‍රධානතම වේගපන්දු යවන්නා අහිමි කල අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා හසන් අලී වනු ඇති බවයි පකිස්තානු මාධ්‍ය වාර්ථා කර සිටියේ

“ෂහීන් අපේ හොඳම පන්දු යවන්නා. ඒ නිසා ඇත්තෙන්ම අපට ඔහුව මග හැරේවි. ඔහු ආසියානු කුසලානයට නොපැමිණීම අවාසනාවන්තයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඔහු ඉදිරි තරඟාවලියට සහ ලෝක කුසලාන තරඟාවලියට ඉදිරිපත් වෙයි කියලා. අපිට අනුකම්පා විරහිත ක්‍රිකට් ක්‍රීඩා කරන්න වෙනවා. ඕනෑම කණ්ඩායමකට එරෙහිව.” පකිස්තානු උපනායකට ශඩාබ් ඛාන් මාධ්‍ය වෙත එසේ සඳහන් කර තිබුණේ ශහීන්ගේ ආබාධය පිළිබඳව අදහස් දක්වමිනි.

අවසන් වසර දෙකක පමණ කාලය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕනෑම තත්වයකදී පන්දු යැවීමට හැකි වඩාත් හොඳ දෝලනයක් හා වේගයක් සහිත පන්දු යවන්නෙකු සොයාගන්නට හැකි විය. චමීර දිගින් දිගටම ආබාධ වලින් බැට කෑ අතර ඔහු යලිත් තම දෙවන ආගමනයේ සිට අතිශය සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කෙරීය.

කෙසේ නමුත් ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාව තම සංචිතය නම්කරද්දී එහි චමීර ඇතුලත් වූ නමුත් පෙරදී ඇතිවූ වලලු කර ආබාධය තවමත් සුවවී නොතිබීම හේතුවෙන් ඔහුට ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලිය අහිමි වනු ඇත. ඔහුට නිර්දේශ වී ඇත්තේ සති දෙකක විවේක කාලයකි.

ඒ අනුව ආසියානු කුසලාන ඉතිහාසයේ ප්‍රභලම කණ්ඩායම් ත්‍රිත්වයම මෙවර සිය ප්‍රධාන වේගපන්දු යවන්නන් නොමැතිව ආසියානු කුසලාන තරඟාවලියට පිවිසෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7