Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා හිටපු නායක හෂාන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් ආම්පන්න අතරට එන ශ්‍රී ලාංකීය සන්නාමය – HB Sports

ශ්‍රී ලංකාව සැලකෙන්නේ ක්‍රිකට් ලෝකයට පතාක යෝධයන් බිහි කල දිවයිනක් ලෙසයි. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් තැබූ ඇතැම් වාර්තා කිසිදාක බිඳී නොයන තරමට සවිමත් වාර්තාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වයස අවුරුදු 140 කට වැඩි මිසක් අඩු නොවේ.

එමෙන්ම ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාවසර 40 කට පසුව ශ්‍රී ලාංකීය සන්නාමයක් සහිත ක්‍රිකට් ආම්පන්න නිෂ්පාදන සමාගමක් වෙළෙඳ පොලට පිවිස සිටිනවා.

ඒ ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගියදා කොළඹ වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් මූලස්ථානයේදී එළි දැක්වුණු HB Sports ආයතනයයි. HB Sports ආයතනය එළිදැක්වුණු අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ජේ.ඒ.කේ. ඉන්ද්‍රජිත්, විභාග කොමසාරිස් ඩයස් ධර්මසේන සහ ශ්‍රී ලංකා වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලීන් වික්‍රමසිංහ මහතාත් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම නිෂ්පාදන පෙළට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහාත් වන නිෂ්පාදන ඇතුළත්ව තිබෙන අතර සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙසින් ක්‍රිකට් ආම්පන්න වෙළෙඳ පොළට පිවිසෙන පළමු අවස්ථාව මෙයයි.

එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින්,

01

02

03

ජායාරුප සඳහා විශේෂ ස්තුතිය – ThePapare.com ආයතනයට.

 

 

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7