Cricket NewsEXCLUSIVE

පන්දු තුනකින් අවසන් තරඟය වෙනස් කල,කණ්ඩායම් දෙකක් වෙනුවෙන් ශූරතා හයකට හිමිකම් කියමින් අම්බති රයුදු සිය IPL ගමන හමාර කරයි !

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ දහසය වැනි සංස්කරණය ඊයේ නිමාව දුටුවේ පස්වැනි වරටත් IPL ශූරතාවය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමිකරදෙමින්.ඉනිමේ 13 වැනි පන්දුවාරයේ පළමු පන්දු 3 ට ලකුණු 16 ක් ලබාගනිමින් ශිවම් ඩුබේ සමඟින් එක්ව තරඟය යලිත් චෙන්නායි දෙසට නතු කල අම්බටි රයුදු ඊයේ සිය අවසන් IPL තරඟය ක්‍රීඩා කලේය.

අහමඩ්බාද් හිදී සිය අවසන් අයිපීඑල් තරඟයට ක්‍රීඩා කල රයුදු ක්‍රීඩකයෙකු ලෙසින් හිමිකරගත් සයවැනි ශූරතාවය එයයි.ක්‍රීඩක සම්පත් සුලභ ඉන්දියාව තුල ඉතා ඉහළ තරඟකාරීත්වයක් මධ්‍යයේ ජාත්‍යන්තර පිටියේද විටින් විට දක්නට ලැබුණු ඔහුට ජාත්‍යන්තර පිටියේ ස්ථාවර වන්නට නොහැකි විය.නමුත් ඔහු පළමු පෙල ලකුණු 45 ක සාමාන්‍යයක් එක්දින ජාත්‍යන්තර තරඟ තුල 47 ක සාමාන්‍යයකට හිමිකම් කියන පිතිකරුවෙකි.

අවසන් මහා තරඟ 8 ක් තුල ඔහු ශූරතා 6 ක කොටස් කරුවෙකු වෙද්දී ඉන් තුනක් මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙනුත් ඉතිරි අවස්ථා තුන චෙන්නායි වෙනුවෙනුත් ක්‍රීඩා කරමින් ලබාගත්තේය.මෙම දස්කම දැක්වූ එකම ක්‍රීඩකයාද වන්නේ ඔහුයි.

2011 වසරේ සිට රයුදු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන්ද 2018 වසරේ සිට මේ දක්වා චෙන්නායි කණ්ඩායම වෙනුවෙන්ද ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල කැපී පෙනෙන පිතිකරුවෙකුව සිටියේය.

සයවරක් IPL ශූරතාවල කොටස් කරුවෙකු වීමට රයුදු භාග්‍ය උදාකරගනිද්දී පිතිකරුවෙකු ලෙසින්ද ඔහු හොඳ දත්ත වාර්ථාවක්ද තම නම ඉදිරියෙහි ලියාගන්නටද සමත් විය.ඉනිම් 186 කදී ලකුණු 4329 ක්ද සමඟින් එක් ශතකයක් හා අර්ධ ශතක 22 කට හිමිකම් කියමින් තවත් IPL පුරාවෘත්තයක් එසේ සිය IPL ගමන හමාර කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button