Cricket NewsEXCLUSIVESchool Cricket

ආනන්ද සහ නාලන්ද සුලෝහිත සංග්‍රාමය සිකුරාදා ඇරඹේ

කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල් අතර 95 වැනි සුලෝහිත සංග්‍රාමය මේ 28 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දිවංගත ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ අභියෝග කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ මාර්තු 2 දක්වා තෙදින තරගයක් ලෙස පැවැත්වේ. ආශින්ස නයිනායකගේ නායකත්වයෙන් ආනන්ද විදුහල් කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර, නාලන්දා කණ්ඩායම තරග බිමට පිවිසේ.

ආනන්ද විදුහල සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ ජයග්‍රහණ 12ක් හිමිකරගෙන ඇති අතර, නාලන්දා විදුහල තරග 7ක් ජය ගත්තේය. අවසන් වරට 2003 වසරේ සුලෝහිත සංග්‍රාමය ආනන්ද විදුහල සතු කරගත්තද 2022 වසරේ පැවති සුලෝහිත සංග්‍රාමයේ ජය නාලන්දා විදුහල සතු විය. 2024 වසරේදී ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

95 වැනි ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ප්‍රවේශපත්‍ර මුදා හැරීමට සිදු වූ අතර එහිදී මුල්ම ප්‍රවේශපත්‍ර ප්‍රදානය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි හා 1996 වසරේ ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග වෙත සිදු කෙරිණි.

මෙවර තරගාවලිය ගැන ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ආනන්ද සහ නාලන්දා සහෝදරත්වයේ පණිවිඩය සුලෝහිත සංග්‍රාමය හරහා සමාජගත කරන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button