Cricket NewsEXCLUSIVE

2024 ලෝක කුසලානයේදී කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් අන්ඩ්‍රේ රසල් විස්සයි විස්ස ලීග් තරඟ අත්හැර දමන්නට සැරසෙයි !

Jamaica Observer පුවත් පතට අනුව 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තුලට පැමිණීම සඳහා විස්සයි විස්ස ලීග් තරඟාවලි සමඟ ඇති ක්‍රීඩක ගිවිසුම් අත්හැරීමට තමා කැමති බව කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් තහවුරු කර තිබුණි.

ඒ අනුව කාර්‍ය බහුල ලීග් තරඟ තුලට ඔහු සීමිතව ප්‍රවිශ්ඨ වෙමින් ජාතික කණ්ඩායම වෙනුවෙන් 2024 ලෝක කුසලානය ක්‍රීඩා කිරීමටද අපේක්ෂා කරන බව සඳහන්.

කොදෙව් කණ්ඩායම අවසන් විස්සයි විස්ස ලෝක කුසලානයේදීද අතිශය පසුබෑමකට ලක්වූ අතර මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගන්නටද ඔවුන් අපොහොසත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button