Cricket NewsEXCLUSIVE

වසර දෙකකට පසු විස්සයි විස්ස පිටියට ආ කොදෙව් යෝදයාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ එංගලන්ත අභිමානය බිඳවැටෙයි – රසල් වාර්ථාගත දස්කම් අතරට !

ඊයේ සංචාරක එංගලන්තය පරදා සත්කාරක කොදෙව්වන් කඩුලු හතරක පහසු ජයක් අත්කරගත්තේ විස්සයි විස්ස තරඟාවලිය ජයග්‍රාහීව අරඹමින්.

බාබර්ඩෝස් හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් මුලින්ම පන්දු රැකීමට තිරණය කල අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 19 කුත් පන්දු 3 ක් තුල ලකුණු 171 ක් සියලුදෙනා දැවී රැස් කිරීමට සමත් විය.

වසර දෙකකට පසු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට පැමිණි අන්ඩ්‍රේ රසල් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3 ක් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් පන්දුවාර 18 කදී එම ඉලක්කය පසුකර ගියේය.ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ශෙයි හෝප් ලකුණු 36 ක් රැස් කල අතර රෝමන් පවෙල් නොදැවී ලකුණු 31 ක් හා ඇන්ඩ්‍රේ රසල් වේගවත් ලකුණු 29 ක් නොදැවී රැස් කලේ කඩුලු 4 ක පහසු ජයක් කොදෙව්වන්ට තිලිණ කරමින්.

තරඟයේ වීරයා ලෙසින් ඇන්ඩ්‍රේ රසල් සම්මානයට පාත්‍ර විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button