Cricket NewsEXCLUSIVE

ICC Player Of Month සම්මානය සඳහා නිර්දේශිත නාම ත්‍රිත්වයට ඇන්ජලෝ මැතිව්ස් සහ අසිත ප්‍රනාන්දු නම් වෙයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා.

ඒ ICC විශේෂ විනිසුරු මඩුල්ලකගේ සහ ක්‍රිකට් රසිකයන් ලබා දෙන Online Votes මගිනි.

ඒ අනුව පසුගිය මැයි මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් තිදෙනා ලෙසට ICC ය නම් කළ ක්‍රිඩකයන් තිදෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබෙනවා.

ඊට අමතරව බංගලාදේශ ක්‍රීඩකයෙක් එම නිර්දේශිත නාම අතර තිබෙන අතර ඉන් එක් ක්‍රීඩකයෙකු ICC Player Of The Month සම්මානයට පාත්‍ර වනු ඇත.

ඒ අතරට නම්වු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළ වන්නේ පසුගිය බංග්ලාදේශ තරග සංචාරයේදී පළමු තරඟය සහ දෙවන තරඟය යන තරග ද්විත්වයේම ශතක රැස් කරන ලද ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සහ දෙවන තරගයේදී කඩුලු 10ක් බිඳ හෙළන ලද අසිත ප්‍රනන්දුයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව එම තරඟාවලිය පුරාවට ඉතා හොඳින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩක Mustafiqur Rahaman මෙම ක්‍රීඩක ත්‍රිත්වයට තුළත් වූ අනෙක් එකම විදෙස් ක්‍රීඩකයා වනවා.

ඒ අනුව මේ වන විට ක්‍රිකට් රසිකයන්ට ඔවුන්ට මනාපය පළ කිරීමට හැකි අතර ඒ අනුව ඉදිරියේ දී ICC Player Of The Month ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඇන්ජලෝ මැතිව්ස්ට සහ අසිත ප්‍රනන්දු හට මනාපය පළ කිරීම සඳහා පිවිසෙන්න >>> https://www.icc-cricket.com/awards/player-of-the-month/mens-player-of-the-month#

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7