Cricket NewsEXCLUSIVE

“වනිඳු ගැන අපි අධ්‍යනයක් කළා, තරඟාවලිය පුරාවට අපිට වනිඳුගෙන් දැඩි අභියෝගයක් එල්ල වේවි” – ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රිඩක Josh Hazlewood

ශ්‍රී ලංකාවේ තණතීරු දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි සහගත තත්ත්වයක් පවත්නා බව තම විශ්වාසය බවත්, කුමන තත්ත්වයන් යටතේ වුවත් ජාත්‍යන්තර ක්‍රීඩකයින් වශයෙන් සෑම වෙනස්වීමකටම අභියෝගාත්මකව මුහුණදීමේ හැකියාව තමන් ඇතුළු කණ්ඩායම සතු විය යුතු බවත් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හැසල්වුඩ් පවසා සිටිනවා.

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව ඊයේ (5) අන්තර් ජාලය ඔස්සේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් හැසල්වුඩ් මෙසේද කියා සිටියේය.

“ශ්‍රී ලංකාවේ තණතීරුවල විශාල වෙනසක් පවතිනවා. මන්දගාමී මෙම තණතීරු දග පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලැබෙනවා. පසුගිය කාලයේ අපි ක්‍රීඩා කළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලැබුණේ ඉපිලීමක් සහිත තණතීරුයි. එහෙත් වෙනස්කම් සහිත තණතීරුවල ක්‍රීඩා කිරීමට අපිට සිදුවනවා. එසේ වුවන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් ලෙස ඕනෑම රටක තත්ත්වයන්ට අනුගත වී ක්‍රීඩා කිරීම් හැකියාව අපට තිබිය යුතුයි.”

එමෙන්ම මෙහිදී වනිදු හසරංග සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා

“පසුගිය IPL තරගාවලියේදී වනිඳු සමගින් එක්ව ක්‍රීඩා කිරීම් අවස්ථාව අපිට ලැබුණු නිසාම ඔහු සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් සිදු කිරීමටත් අපට හැකිවුණා. මට වඩා ග්ලේන් මැක්ස්වෙල් වනිඳු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළාට සැකයක් නැහැ, ඒ නිසා මැක්ස්වෙල්ට වනිඳු සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් පවතින බව මා විශ්වාස කරනවා. කෙසේ වෙතත් වනිඳු හසරංග යනු අද්වීතීය ක්‍රීඩකයකු බවයි මා විශ්වාස කරන්නේ, වනිඳු විශිෂ්ට ලෙස කඩුලු දවා ගත හැකි පන්දු යවන්නෙක්, මෙම තරගාවලිය පුරා වනිදුගෙන් ඕස්ට්‍රේලියානු පිලට දැඩි අභියෝගයක් එල්ල වනු නොඅනුමානයි.” යනුවෙන් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7