Cricket NewsEXCLUSIVEInternational

අපිට සමාවෙන්න – ශ්‍රී ලංකාව දැක්වූ දුර්වල දස්කම් ගැන මැතිව්ස් සමාව අයදී.

ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 2024 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී කණ්ඩායමේ දුර්වල දස්කම් සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති අතර, ජාතියේ සහ කණ්ඩායමේ බලාපොරොත්තු සුන්වීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කනගාටුව පිළිගෙන තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිව්ස්, තරගාවලියේ තමන් සහභාගි වූ තරග දෙකේදීම කණ්ඩායම පරාජය කළ පිතිකරුවන්ට දොස් පැවරීය.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයා වැඩිදුරටත් මෙසේ පැවසීය: “කණ්ඩායමක් ලෙස අපගේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු සුන්වීම ගැන අපි ඉතා කණගාටු වෙමු. අපට ඉතා කණගාටුයි. අපි සමාව ඉල්ලනවා. අපි කණ්ඩායමක් ලෙස ඉටු කිරීමට බලාපොරොත්තු වූ දේ ඉටු කර ගැනීමට අපට නොහැකි විය.

“අපි ක්‍රීඩා කළ තරග දෙකේදීම අසාර්ථක වුණේ අපේ පිතිකරුවන්. පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර, අඩු ලකුණු සංඛ්‍යාවක් තිබියදීත්, ඔවුන් තරඟ දෙකේදීම ප්‍රබල සටනක නිරත විය. නමුත් අවාසනාවන්ත ලෙස අපට ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි විය,” ඔහු කියා සිටියා.

“මෙවැනි තරඟාවලියක එක් තරඟයක් හෝ පරාජය වීම නිසා ඉදිරියට යාම ඉතා අපහසුයි. පළමු තරඟ දෙක පරාජයට පත්වීමෙන් පසු අපගේ අවස්ථා සැලකිය යුතු ලෙස අඩු විය. ඊට අමතරව නේපාලය සමඟ පැවති තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය. අපට එක් තරඟයක් ඉතිරිව ඇති අතර එය හොඳින් ක්‍රීඩා කර ජයග්‍රහණය තහවුරු කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා”

“අපගේ ප්‍රේක්ෂකයින් අපට ඉමහත් සහයෝගයක් දක්වනවා, ඔවුන් වෙනුවෙන් අපට යමක් ලබා දීමට නොහැකි වීම ගැන අපි දැඩි ලෙස කනගාටු වෙනව. අපට කීමට තියෙන්නෙ එක දෙයයි: අපට කණගාටුයි. අප කිසිවෙක් කිසි දිනක තරගයක් පරාජයට පත් වීමට බලාපොරොත්තු උනේ නැ, අපි සැම විටම ජයග්‍රහණය අපේක්ෂා කරනවා. අවාසනාවකට, මේ තරගාවලියේදී අපිට ඒක කරන්න බැරි වුණා” යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button