Cricket NewsEXCLUSIVEIPLPremier League

ඔහුට හයේ ඒවා ගහන්න පුළුවන් නම්, යෝග්‍යතාව ගැන මම සලකන්නේ නැහැ. මට ඔහුව අවශ්‍ය තත්පර 10න් මීටර් 100 දුවන්න නෙවෙයි – භානුක රාජපක්ෂ ගැන අනිල් කුම්බලේ කිව්ව කතාව

මෙවර IPL තරගාවලියේ දී Punjab Kings නියෝජනය ක භානුක රාජපක්ෂද ක්‍රීඩා කරනවා . මෙවර තරගාවලියේ Punjab Kings ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව වේගවත් අර්ධ ශතකයක් ලබා ගැනීමට ද භානුක රාජපක්ෂ සමත් වුනා.

මේ අතර භානුක රාජපක්ෂ කණ්ඩායමට තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙකු සහ Punjab Kings ප්‍රධාන පුහුණුකරු වන Anil Kumble ගේ තනි තීරණයක් මත සිදු වූ බව කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයා පවසා තිබෙනවා.

මීට අමතරව Julian Wood විසින් පවසන අන්දමට“Anil Kumble විසින් භානුක ක්‍රීඩා කරන ආකාරය දැකලා කිවුවේ ‘මම ඔහුව තෝර ගන්නවා’ කියලා. අපි ඔහුට කිවුවා භානුකට අවශ්‍ය තරම් හොඳ යෝග්‍යත්වයක් නැති නිසා ඔහුව තෝර ගන්න එපා කියලා.

ඒ වෙලාවේ ඔහු කිව්වේ ‘ඔහුට හයේ ඒවා ගහන්න පුළුවන් නම්, යෝග්‍යතාව ගැන මම සලකන්නේ නැහැ. මට ඔහුව අවශ්‍ය තත්පර 10න් මීටර් 100 දුවන්න නෙවෙයි. මට ඔහුව අවශ්‍ය වෙන්නෙ එන පන්දුවලට හයේ පහර ගහන්න’ කියලා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
2
+1
2
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button