Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුර්වල තීරණ නිසා චමින්ද වාස් ප්‍රතික්ෂේප කල වේගපන්දු පුහුණු ධුරට වෙනත් පුහුණුකරුවකු පත් කෙරේ.!

එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ජාතික සංචිතය සඳහා පුහුණුකරුවන් කිහිපදෙනෙකු පත් කලේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබුණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධුරයෙන් චමින්ද වාස් එදිනම ඉල්ලා අස්වී තිබුණි.ඊට හේතුව වනුයේ තරඟාවලියෙන් තරඟාවලියට ලැබෙන පත්වීම් හේතුවෙනි. නිමාව දුටු තරඟාවලියන් කිහිපයකදී චමින්ද වාස් සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරන්නට සමත් විය.

කෙසේ නමුත් චමින්ද වාස් මෙම තනතුර ප්‍රතික්ෂේප කර දින කිහිපයකට පසුව එම ධුරය සඳහා තාවකාලික පුහුණු කරුවෙකු පත්කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ඉහළ කාර්ය සාධන ඒකකයට අනුයුත්තව කටයුතු කරන දර්ශන ගමගේ මහතා එම තනතුර සඳහා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේනමුත් බංග්ලාදේශ තරඟාවලියට පෙර දින 10 ක පුහුණු සැසියක්ද පැවැත්වෙන බව සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button