Cricket NewsEXCLUSIVEIPL

දැවැන්ත හයේ පහර 9ක් සහ හතරේ පහර 9ක් සමගින් ජෝස් බට්ලර් IPL පිටියේ පිට පිටම දෙවන ශතකයත් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

අද තරඟයේ දී රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කිරීමට සමත් වූ ජෝස් බට්ලර් පිට පිටම දෙවන වරටත් IPL පිටිය ගිණිකෙළි සැණකෙළියක් බවට පත් කරමින් සුපිරි ශතකයක් වාර්තා කිරීමට සමත්වුනා.

එමෙන්ම මෙය මෙවර තරඟාවලියේ Jos Buttler විසින් වාර්තා කරන ලද තෙවන ශතකයයි.

මීට පෙර එක් IPL තරඟාවලියක වාර්තා කරන ලද වැඩිම ශතක ගණන වුයේ විරාට් කෝලි විසින් එක් තරඟවාරයක රැස් කරන ලද ශතක 4යි. එම වාර්තාව අබිබවා යාමය ජොස් බට්ලර්ට අවශ්‍ය තවත් එක් ශතකයක් පමණයි.

එමෙන්ම මේ වන විට 2022 IPL තරඟාවලියෙ වැඩිම ලකුණු ලාභියා බවට ජොස් බට්ලර් පත්ව සිටිනවා.

මේ වන විට ජොස් බට්ලර් තරඟාවලිය පුරාවට ලකුණු 491රැස් කරගෙන සිටිනවා.

අද තරඟයේදී ජොස් බට්ලර් පන්දු 65කට මුහුණ දෙමින් ලකුණු 116ක් රැස් කිරීමට සමත් වු අතර ඔහුගේ ඉණිමට දැවැන්ත හයේ පහර 9ක් සහ හතරෙ පහර 9ක් ඇතුලත් වුනා.

ජොස් බට්ලර්ගේ සුපිරි ඉණිම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button