Cricket NewsEXCLUSIVELegends Series

සුපිරි ක්‍රිකට් තරු පිරිවරා ඇරඹෙන “Legends League” තරඟාවලිය සඳහා තවත් සුපිරි ශ්‍රී ලාංකේය ක්‍රිකට් තරුවක් එක් වෙයි.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස Legends League තරගාවලියක්ද 2022 වසරේ ජනවාරි මස 20 වනදා සිට පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් එම Legends League තරඟාවලියෙන් අනතුරුව එළඹෙන පෙබරවාරි මාසයේදී Road Safety World Series තරඟාවලිය ද පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනවාරි 20 වෙනිදායින් ආරම්භ වන හිටපු ප්‍රවීණ, සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ Legends League ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන හයවැනි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නුවන් කුලසේකර ඊයේ(5) දිනයේදී තරගාවලිය සමග අත්සන් තබා තිබෙන ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ආසියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරමින් මිට පෙර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, ටී.එම්.ඩිල්ෂාන්, චමින්ද වාස්, සහ උපුල් තරංග තරගාවලිය සමග එක්ව තිබුණා.

තවද අසාර් මහමුද්, මිස්බා උල් හක්, මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික්, මොහොමඩ් යූසුෆ්, උමාර් ගුල්, ෂොයිබ් අක්තාර්, ෂාහිඩ් අෆ්රිඩි, යුනිස් ඛාන්, අස්ගර් ඇෆ්ගන් ආසියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරන අනෙකුත් ක්‍රීඩකයින් වනවා.

සියලුම තරඟ 2022 ජනවාරි 20 සිට 29 දක්වා ඕමානයේ Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව නවතම ආසියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම,

Shoaib Akhtar, Shahid Afridi, Sanath Jayasuriya, Muttiah Muralitharan, Chaminda Vaas, Romesh Kaluwitharana, Tillakaratne Dilshan, Azhar Mahmood, Upul Tharanga, Nuwan Kulasekara, Misbah-ul-Haq, Mohammed Hafeez, Shoaib Malik, Mohammed Yousuf, Umar Gul, Younis Khan, Asghar Afghan.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button