Cricket NewsEXCLUSIVELegends Series

“අපේ රටේ ක්‍රිකට් පුහුණුකාරීත්වය දරන්න වෙන රටවල මිනිස්සු කැමති වෙන්නේ නැහැ – හිටපු ශ්‍රි ලංකා නායක අර්ජුන රණතුංග කියන කතාව

Sri Lanka too reliant on spin: Ranatunga | cricket.com.au

ජනවාරි මස 20 වෙනිදා සිට 29 දක්වා ආසියා ලයන්ස්, වර්ල්ඩ් ජයන්ට්ස් හා ඉන්දියා මහරාජාස් වශයෙන් කණ්ඩයම් තුනකින් සමන්විත ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියක් ඕමානයේදී පැවැත්වුනා

ලෙජන්ඩ්ස් තරගාවලියෙන් පසු ශ්‍රි ලංකාවට පැමිණි අර්ජුන, ශ්‍රී ලංකා කණ්ඩයමේ ස්ථිර පුහුණුකරුවෙක් නොමැති වීම සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් කලා.

“පහුගිය කාලයේ අපේ ක්‍රිකට් පරිපාලනය පැත්‍තෙන් කළ විපාක වල ප්‍රතිපල දැන් විදිමින් පවතිනවා. අපේ රටේ ක්‍රිකට් පුහුණුකාරීත්වය දරන්න වෙන රටවල මිනිස්සු කැමති වෙන්නේ නැහැ. නමුත් ඒ දේ තාමත් ඔවුන්ට කිව්වට තේරෙන්නේ නැහැ.”

Former Sri Lankan cricketer Arjuna Ranatunga enters UNP leadership fray - The Hindu

“අපේ කට්ටියගේ ලොකු මාන්නයක් තියනවා පිට රටකින් පුහුණුකරුවෙක් අවශ්‍යයි කියලා. අපේ රටේ ගොඩාක් හොඳ පුහුණුකරුවන් ඉන්නවා. ඔහුන් පිටරට වලට ගිහිල්ලා ඔවුන්ට පුහුණුකාරීත්වය ලබාදෙනවා. ඒගොල්ලොත් දැනගන්න ඕනේ ඒගොල්ලෝ ඒ විදිහට පුහුණුකාරීත්වයේ ඉන්නේ ලංකාවට ක්‍රීඩා කරලා ලබපු ගෞරවය හා පරිණතභාවය නිසා කියලා. ඒක පරිපාලනය තුළ තියන වරදක් කියලා මම දකිනවා.”

Cricscope: 96 World Cup Champion Sri Lankan team to play match again

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7