Cricket NewsEXCLUSIVEInternationalUnder-19

ඇෆ්ගනිස්තානය පරාජය කල එංගලන්ත 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරඟයට !

මෙවර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය ඊයේ නිමා වූයේ වසර 24 කට පසු එංගලන්තය 19 න් පහළ ලෝක කුසලානයක අවසන් මහා තරඟයක් සඳහා කැටුව යමිනි.

තරඟය ඊයේ (1) ඇන්ටිගුවාහි සර් විවියන් රිචර්ඩ්සන් ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ටොම් ප්‍රෙස්ට් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය.

ඩක්වත් ලුවිස් න්‍යාය මත තීරණය වූ තරඟයේ දෙපිලටම පන්දුවාර 47 බැගින් ක්‍රියාත්මක විය.

මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත ඉනිමේ පන්දුවාර 47 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 231 ක් රැස් කලේය.

එංගලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාගත් ආරම්භක පිතිකරු ජෝජ් තෝමස් පන්දු 69 කදී ලකුණු 50ක් රැස් කරන්නට සමත් විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ජෝජ් බෙල් ලකුණු 56 ක් රැස් කලේය.එම ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත වූ අතර එංගලන්ත ඉනිමේ අවසන් භාගයේදී වේගවත් ඉනිමක් දියත් කරමින් ඇලෙක්ස් හෝටන් නොදැවී ලකුණු 53 ක් රැස් කලේ පන්දු 36 ක් පමණක් වැය කරමිනි.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නූර් අහමඩ් හා නවීන් සද්‍රාන් අතර කඩුලු 2 ක බැගින් බෙදී ගියේය.

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 47 ක් අවසානයේදී ලකුණු 232 ක් හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් අල්ලා නූර් ලකුණු 60 ක් රැස් කලේය එම ඉනිමට හතරේ පහර 5 ක් හා හයේ පහර 3 ක් අන්තර්ගත විය.තරඟයේ 46 වන පන්දුවාරය ක්‍රියාත්මක කල රෙහාන් අහමඩ් එම පන්දුවාරයේදී කඩුලු 3 ක් දවාගනිමින් එංගල්න්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන යාමට සමත් විය.

පන්දු යැවීමේදී එංගලන්තයේ ජයග්‍රහණයේ නියමුවා වන්නට සමත් වූ රෙහාන් අහමඩ් ලකුණු 41 කට කඩුලු 4 ක් බිඳ දැමීය.

අවසන් පූර්ව වටයේදී තරඟයේ වීරයා සම්මානය දිනාගන්නට සමත් වූයේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජෝජ් බෙල් වන අතර එංගල්නත 19 පහළ කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත් කණ්ඩායම බවට ඊයේ පත් වූයේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 14 කින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button