Cricket GossipEXCLUSIVE

“ඔවුන් වෙනත් ලෝකයක ආරක්‍ෂක ගැටලු ඇති පිටසක්වල ජීවීන් ද? ” ආසියානු කුසලානයේ ඉන්දු පකිස්තාන් ගැටුමට ජුනයිඩ් කාන් ද මැදිහත් වෙයි !

2023 ආසියානු කුසලානය සඳහා සත්කාරකත්වය ලබාදීම සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පැවැත්වෙනවා. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකදී තරඟාවලිය පැවැත්වීම සඳහා දෙමුහුන් ආකෘතියක් යෝජනා කරන ලද අතර ඉන්දියාව ඔවුන්ගේ තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමට නියමිතයි!කෙසේ වෙතත්, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එළඹෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ඉන්දියාව පකිස්ථානයට පැමිණීමට පසුබට වීම සම්බන්ධයෙන් පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ජුනයිඩ් ඛාන් දැන් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

ජුනයිඩ් ඉන්දියාවේ ස්ථාවර විවේචනය කරමින් කියා සිටින්නේ අනෙකුත් කණ්ඩායම් වලට පකිස්තානයට පැමිණීමට හැකිනම් ඉන්දියාවට එසේ කල නොහැකි හේතුව කුමක්දැයි අසමින්.

පකිස්තානයේ තත්ත්වය හොඳයි. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය වැනි වෙනත් කණ්ඩායම් එනවා නම් ඔවුන්ට ආරක්‍ෂක ප්‍රශ්නයක් නැත්නම් ඇයි ඉන්දියාවට ප්‍රශ්නයක්? මේකට හේතුව මොකක්ද? ඔවුන් වෙනත් ලෝකයක ආරක්‍ෂක ගැටලු ඇති පිටසක්වල ජීවීන් ද? ” ජුනයිඩ් අදහස් දක්වමින් කියා සිටියේය.

එමෙන්ම ඉන්දියාවේ මෙම ක්‍රියා පිලිවෙත පිළිබඳව අයිසීසීය තම අවධානය යොමු කල යුතු බවත් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන තුන අතර සිටින පකිස්ථානය සුළුවේ තැකීම් කලයුතු කණ්ඩායමක් නොවන බවත් ජුනයිඩ් ගේ මතය වූවා.

“අයිසීසීය මේ ප්‍රශ්න ගැන සොයා බැලිය යුතුයි. එසේ නොමැතිනම් පකිස්ථානයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාව කළ නොහැක්කකි. පකිස්තානය කුඩා කණ්ඩායමක් නොවේ. මීට දින කිහිපයකට පෙර පාකිස්තානය ලෝකයේ අංක එකේ කණ්ඩායම වූ අතර තවමත් පළමු කණ්ඩායම් තුන අතර සිටී,”

තවදුරටත් අදහස් දක්වන ජුනයිඩ් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
4
+1
12
+1
8
+1
2
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button