EXCLUSIVEIPL

මුම්බායි රඟ මඩල එක් රැයකට තමන්ගේ කරගත් රශීඩ් ඛාන්-වන්කඩේ නුවර ගිණිකෙලි සංදර්ශනයක් කරයි !

මුම්බායි රඟ මඩල එක් රැයකට තමන්ගේ කරගත් රශීඩ් ඛාන් !

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සංස්කරණයන් 15 ක් පුරාවට වීරයන් බිහිවූ වීරයින්ගේ නවාතැන වූ මුම්බායි කණ්ඩායමේ රඟ මඩල වූයේ මුම්බායි වංකඩේ පිටියයි.අයිපීඑල් ඉතිහාසයේ පස්වරක් ශූරයින් වූ මුම්බායි කණ්ඩායමත් කුළුඳුල් අයිපීඑල් තරඟාවලියේම ශූරයින් වූ ගුජරාටයත් මෙවර අයිපීඑල් තරඟාවලියේ 57 වැනි තරඟයේදී මුණ ගැසෙද්දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ප්ලේ ඕෆ් වටයේ බලාපොරොත්තු රඳවා ගන්නවාද යන්න තීරණය වූ ඊයේ තරඟයටද සත්කාරත්වය ලබාදුන්නේ මුම්බායි හි වංකඩේ පිටියයි.

සනත්,සචින්,‍රෝහිත් හා ලෙන්ඩල් සිමන්ස්ගේ පිත්තෙන් වාර්ථා වූ මුම්බායි ශතක ගොන්නට සිය කුළුඳුල් අයිපීඑල් ශතකයෙන් දායක වන්නට සූර්‍යකුමාර් යාදව්ට හැකි විය.සමස්ථ තරඟයේම වැඩි ගෞරව දිනාගත් සූර්‍යාගේ ඉනිමේ දිස්නය අකාමකා දමන්නට ගුජරාටයේ රශීඩ් ඛාන්ට හැකිවූයේ වත්මන් විස්සයි විස්ස රාමුව තුල තමා විශිෂ්ඨතමයෙකු බව පෙන්වමින්.

මුම්බායි මුල්පෙල පිතිකරණ බලඇණිය සුණුවිසුණු කර දමමින් රශීඩ් දවාගත් කඩුලු සංඛ්‍යාව 4 ක්.සූර්‍යාගේ ශතකය නොවන්නට තරඟයේ පාලනය සතුවූයේ 24 හැවිරිදි රශීඩ්ගේ පා දඟ පන්දුවේය.

අභියෝගාත්මක ලකුණු 219 ක ඉලක්කයක් හඹා ගිය ගුජරාටය වෙනුවෙන් රශීඩ්ගේ දායකත්වය වාර්ථාගත ඉනිමකින් සටහන් කරන්නට ඔහුට හැකි විය.වසර 15 ක අයිපීඑල් ඉතිහාසය තුල නොම්බර 8 පිතිකරුවෙකු රැස් කල ඉහළම ලකුණු සංඛ්‍යාව රශීඩ් ඛාන් තම නම ඉදිරියේ ලියාගත්තේ හුදෙකලා සටනක නිරතවෙමින්.

පන්දු 32 කදී හයේ පහර 10 ක් හා හතරේ පහර තුනක්ද සමඟින් නොදැවී ලකුණු 79 ක් රැස් කලේ 2021 ක වසරේ පැට් කමින්ස් චෙන්නායි කණ්ඩායමට එරෙහිව වාර්ථා කල ලකුණු 66 අභිබවා යමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
2
+1
10
+1
2
+1
3
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button