Cricket NewsEXCLUSIVE

කුළුඳුල් ටෙස්ට් ලෝක ශූරතාවය හඹා යන ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාවෙන් ලකුණු 444 ක දැවැන්ත ඉලක්කයක් !

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේ සිව්වැනි දිනය වූ අද දිනය අරඹන විට කඩුලු 4 ක් දැවී ලකුණු 123 ක් රැස් කරගෙන සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේදී තම ලකුණු පුවරුවට තවත් ලකුණු 147 ක් එක්වද්දී සිය දෙවන ඉනිම අරඹන්නට ඔස්‍ට්‍රේලියානු කණ්ඩායම තීරණය කලේය.

කඩුලු 8 දැවී ලකුණු 280 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටවූ ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ඇලෙක්ස් කෙරී ඉනිමට එක් කල ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 66 ක් ලෙසටයි.එමෙන්ම මිචෙල් ස්ටාක්ගේ පිත්තෙන් ලකුණු 41 ක් හා මානස් ලබුශ්වේන්ගේ පිත්තෙන් ලකුණු 41 ක් ඔස්ට්‍රේලියානු ඉනිමට එක්විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රවී ජඩේජා කඩුලු තුනක් බිඳ හෙලද්දී උමේශ් යාදව් හා මොහොමඩ් ශමී අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන ලකුණු සංඛ්‍යාව ලකුණු 444 ක්. ඉන්දීය කණ්ඩායම තම ක්‍රිකට් ඉතිහාසයේ හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව හඹා ගොස් තම කුළුඳුල් ටෙස්ට් ලෝක ශූරතාවය ජයගැනීමට සිදු වනු ඇත.

කෙසේ නමුත් මේ වන විට විරාත් කෝලි හා අජින්ක්‍යා රහනේ කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරනු ලබන අතර එක් කඩුලු තුනක් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 100 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button