Cricket NewsEXCLUSIVELegends Series

ඩිල්ශාන්ගේ සහ තරංගගේ සුපිරි පිතිකරණය මතින් Asia Lions කණ්ඩායම Legends League හි සිය ප්‍රථම ජය වාර්තා කරයි.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන Legends League තරඟාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට Asia Lions කණ්ඩායම අද සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Asia Lions කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා World Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි World Giants කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 205 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

අධිවේගී සුපිරි පිතිකරණයක නිරත වූ කෙවින් ඕ බ්‍රයන් පන්දු 46ක් තුළ අධිවේගී ලකුණු 95 ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 7ක් සමග හතරේ පහරවල් හතක් ඇතුළත් වුනා. Mustard ලකුණු 28 ක් රැස් කිරීමට සමත් වූ අතර Anderson ලකුණු 18 ක් රැස් කළා.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර සහ මොහොමඩ් හෆීස් කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 206 ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා Asia Lions ආරම්භක පිතිකරු යුගලය වූ තිලකරත්න ඩිල්ෂාන් සමග කමරන් අක්මාල් පිටියට පිවිසුණා.

කෙසේ නමුත් අක්මාල් ලකුණු 14ක් ලබා සිටි අවස්ථාවේ දැවී ගියේ Asia Lions කණ්ඩායම දැඩි පීඩනයට නතු කරමිනි.

කෙසේ නමුත් තිලකරත්න දිල්ෂාන් සමගින් ඉන්පසුව පිටියේ එක් වූයේ ඔහුගේ හුරුපුරුදු පිතිකරණ සගයා උපුල් තරංගයි.

කඩා වැටුණු Asia Lions ඉනිම ගොඩනැගීමේ වගකීම කරට ගත් ඩිල්ශාන් සහ උපුල් තරංග ලකුණු 88 ක වේගවත් සබඳතාවයක් පිහිටුවමින් Asia Lions කණ්ඩායමේ ජයග්‍රාහී අත්තිවාරම් දැමීමට සමත් වුණා.

සුපිරි පිතිකරනයක නිරතවූ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 32ක් තුළ වේගවත් ලකුණු 52ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සමග හතරේ පහරවල් 2ක් ඇතුළත් වුනා.

ඊට නොදෙවෙනි පිතිකරණයක නිරත වූ උපුල් තරංග පන්දු 43 ක් තුළ වේගවත් ලකුණු 63 ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සමග හතරේ පහරවල් 7ක් ඇතුළත් වුණා.

මොහොමඩ් හෆීස් ලකුණු 27 ක් රැස් කළ අතර Asghar Afgan සහ Misbah-Ul-Haq ලකුණු 40ක සබඳතාවක් පවත්වමින් Asia Lions කණ්ඩායම ජයග්‍රහණය වෙත.සුරැකිව රැගෙන ගියා.

පන්දු යැවීමේදී Morne Morkel කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පන්දුවාර අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 209ක් රැස් කර Asia Lions කණ්ඩායම තරඟය ජයග්‍රහණය කළා.

තරඟයේ වීරයා සම්මානය හිමි වූයේ සුපිරි පිතිකරණයක නිරත වූ තිලකරත්න ඩිල්ශාන් හටයි.

ඒ අනුව අද තරඟය ජයගත් Asia Lions කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7