Cricket NewsEXCLUSIVELegends Series

Asghar Afgan ගේ සහ උපුල් තරංගගේ සුපිරි දස්කම් සමග “ඉන්දියා මහරාජාස්” පරාජය කළ ආසියානු සිංහයන් Legends ලීගයේ පෙරමුණට.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී මේ වන විට Legends League තරඟාවලිය පැවැත්වෙනවා.

අද පැවති Asia Lions සහ India Maharajas අතර තරඟයෙන් ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට Asia Lions කණ්ඩායම සමත්ව උනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කළ India Maharajas කණ්ඩායම ‍ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Asia Lions කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Asia Lions පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 193 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පිට පිට තෙවන තරගයේදීත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ උපුල් තරංග පන්දු 45ක් තුළ ලකුණු 72ක් රැස්කිරීමට සමත්වුණා.

Asghar Afgan පන්දු 28ක් තුළ වේගවත් ලකුණු 69ක් රැස්කළා.

පන්දු යැවීමේදී Amit Bhandari කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 194 ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි India Maharajas පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

India Maharajas කණ්ඩායම වෙනුවෙන් Wassim Jeffer ලකුණු 35ක් සහ Manpreet Gony ලකුණු 35ක් බැගින් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර, Afgan සහ මොහොමඩ් කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ඉන්දියා මහරාජාස් පිතිකරුවන් අඩපණ කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 36 ක ජයග්‍රහණයක් Asia Lions කණ්ඩායමට හිමි වුණා.

තරගයේ වීරයා සම්මානය Asghar Afgan හට හිමි වූ අතර මෙම ජයග්‍රහණයත් සමඟින් legends තරඟාවලියෙ ප්‍රසාද ලකුණු සටහනේ ද ප්‍රථම ස්ථානයට පැමිණීමට Asia Lions කණ්ඩායම සමත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7